Colombo Today Local NewsTop Stories

බුදු පිළිමයට විරෝධය පා යාපන විශ්වවිද්‍යාලයේ වව්නියාව මණ්ඩපය වසා දැමේ

යාපනය විශ්ව විද්‍යාලයේ පාලනාධිකාරිය විසින් යාපනය විශ්ව විද්‍යාලයේ වවුනියාව මණ්ඩපය ඊයේ (23) සිට දින නියමයකින් තොරව වසා දමනු ලැබුවා.

ඒ, වවුනියාව මණ්ඩපයේ ශිෂ්‍ය නේවාසිකාගාරයේ බුදු පිළිමයක් තැන්පත් කිරීමට විරෝධය පළ කරමින්.

සිසුන් පැවසුවේ නේවාසිකාගාර තුළ අනෙකුත් ආගම්වල සිසුන්ට සිය ආගමික වතාවත් සිදුකිරීමට ස්ථාන පවතින බවයි. විශ්ව විද්‍යාලයේ බහුතර සිංහල සිසුන් පිරිසක් සිටින විශ්ව විද්‍යාල නේවාසිකාගාරයේ බුදු පිළිමයක් නොමැති බැවින් තමන් අද දිනයේ බුදු පිළිමයක් තැන්පත් කිරීමට සූදානම් වූ බව ඔවුන් ප‍්‍රකාශ කළා. එහෙත්, ඊට විශ්ව විද්‍යාල පාලනාධිකාරිය අවස්ථාවක් ලබා නොදුන් බවයි සිසුන් ප‍්‍රකාශ කළේ.

විශ්ව විද්‍යාලයේ දමිල සහ මුස්ලිම් සිසුන් බුදු පිළිමට තැන්පත් කිරීමට කිසිදු විරෝධයක් ඉදිරිපත් නොකළ බව විශ්වවිද්‍යාලයේ සිංහල සිසුන් පවසති.

Related posts

පානම්පත්තුවේ කිලෝමීටර් දහයක් වැලි හාරන්න පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඉඩ දීලා

Admin

ප්‍රගීත් එක්නැලිගොඩ මරා දැමූ බවට හෝ මැරුණු බවට සාක්‍ෂි නෑ – හෝමාගම මහේස්ත්‍රාත්

colombotoday

එංගලන්තයෙන් ගෙනා තවත් අපද්‍රව්‍ය බහාලුම් 82 ක් ආපසු පිටත් කර යවයි

colombotoday

චීන සමාගම බලය පෙන්වයි.. හම්බන්තොට වරාය නැරඹීම පාසල් සිසුන්ට තහනම් කරයි..

colombotoday

මීමුරේ චාරිකාවක් ගිය පුද්ගලයෙක් අතුරුදන්

colombotoday

සතොස භාණ්ඩ 10ක මිල තවත් අඩු කරයි

Admin