Colombo Today Local News

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් සහතිකයක්

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව අසියානු රටවල පමණක් නොව ලොව විශිෂ්ටතම සෞඛ්‍ය සේවාවක් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්  Dr Tedros Adhanom Ghebreyesus මහතා පවසයි.

 ලෝක සෞඛ්‍ය දිනය වෙනුවෙන් කොළඹ නෙළුම්පොකුණ රඟහලේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව ප්‍රකාශ කළේය.
 මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා – “ආසියානු රටවල පමණක් නොවන ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව ලොව සෑම රටකටම ආදර්ශයක්. හරිම විශිෂ්ටයි. ඊට හේතු වී ඇත්තේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන්නේ නිදහස් සෞඛ්‍ය සේවයක් වීමයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ තේමාව වන්නේ සැමට සෞඛ්‍ය යන සංකල්පයයි.
එම සංකල්පය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාව තුළ වර්තමානයේ පැහැදිලි දේශපාලන නායකත්වයකින් සෞඛ්‍ය අමාත්‍යාංශය මෙහෙය වනවා. අඩු ආදායම්ලාභී රටක් ලෙස තීබූ ශ්‍රී ලංකාව මධ්‍යම ආදායම් ලබන රටක් බවට පත්ව තිබෙනවා. හොද සෞඛ්‍ය සේවාවක් ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක වන්නේ එවැනි වටපිටාවකයි.
ඉහළ ආදායමක් ලබන රටවලට ද එය ආදර්ශයක්. එම නිසයි ලෝක සෞඛ්‍ය සංවිධානය 70 වන සංවත්සරය ශ්‍රී ලංකාවේ දී සැමරීමට තීරණය කළේ. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ අභියෝග ලෙස බෝනොවන රෝග,මානව සම්පතේ හිළය හඳුනාගෙන තිබෙනවා. එම අභියෝග ජය ගැනීම සදහා සෞඛ්‍ය අමාත්‍යවරයා ගෙන ඇති ක්‍රියාමාර්ග ප්‍රසංසනීයයි.
රටේ ජනතාවට ඊ-හෙල්ත් කාඩ්පත නිකුත් කිරීම පිළීබඳව ද මම සතුටට පත් වෙනවා. බෝනොවන රෝග පාලනය කිරීමේ දී දුම්කොළ භාවිතය අවම කිරීම එක් කරුණක්. ලෝකයේ වැඩිම බද්ද වන සියයට 90 ක් වූ බදු පනවා ශ්‍රී ලංකා රජය ප්‍රතිපත්ති සහගතව දුම්කොළ භාවිතය අවම කරනවා. අභියෝග කොතරම් ඉහළ වුවත් ශ්‍රී ලංකා රජයේ දැඩි කැපවීම සහ ඒවාට පිළිතුරු සැපයීමේ හැකියාව තිබෙනවා. මෙවැනි බොහෝ අභියෝග මධ්‍ය යේ වුව ද ශ්‍රී ලංකාව විශිෂ්ඨ සෞඛ්‍ය සේවාවක් පවත්වාගෙන යාම අගය කළ යුතුයි.
ඒ සඳහා දායක වූ සියලු දෙනාට මම සුබ පතනවා. ප්‍රජාවගේ සහභාගීත්වය නොමැති නම් මෙම ජයග්‍රහණ ලබාගත නොහැකියි. එහිදී ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ප්‍රවර්ධනය කිරීම ඉතාම වැදගත්. ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ප්‍රවර්ධනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයා පියවර ගෙන තිබෙනවා. ඒ සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය ද සහයෝගය ලබාදෙනවා. එම ප්‍රතිඵල මත ඉදිරියේ දී තවත් ක්‍රියාමාර්ග ගත හැකියි. අනෙක් සංකල්පය තමයි තමා විසින් ම සෞඛ්‍ය සේවාව ගොඩනගා ගත යුතුයි. සෞඛ්‍ය නිෂ්පාදනයක් ලෙස සැළකිය හැකියි.
තනි තනිව හෝ පවුල් වශයෙන් සෞඛ්‍ය සේවාව නිෂ්පාදනය කළ හැකියි. ප්‍රජාවේ සෞඛ්‍ය සේවාව වර්ධනය කිරීම සඳහා අධ්‍යාපනයට සහ මාධ්‍යයට වගකීම් රැසක් පැවරෙනවා. පවුල් සෞඛ්‍ය සේවාව පිළිබදව අවධානය යොමු කිරිම ඉතා ප්‍රතිඵලදායකයි. ශ්‍රී ලංකාවේ මාතෘ හා ළමා මරණ අවම වීමත් අගය කරනවා.
දුම්කොළ භාවිතය අවම කිරීම සඳහා බදු අය කිරීම පමණක් නොව වළක්වා ගැනීම සඳහා විවිධ වැඩසටහන් දියත් කළ යුතුයි. දුම් පානය සහ මත්පැන් භාවිතය ජනතාව ඝාතනය කරනවා. බදු ඉහළ දැමීම තුලින් දුම්වැටි භාවිතය අවම වනවා. දුම්පානය අවම කිරීම සඳහා තව තවත් ක්‍රියාමාර්ග ගත යුතුයි.”

Related posts

ආදාහනාගාර ගාස්තුත් 2000කින් වැඩිවෙයි

colombotoday

ලබන මැයි දිනයට කලින් සියළුම රාජපක්‍ෂලා කුදලලා හිරේ දානවා දානවමයි…!

colombotoday

“සංවර්ධන මැෂිම මමයි… සියළු දෙනාම ප්‍රකෝටිපතියන් කරනවා” – සජිත්

colombotoday

වයස අවුරුදු 35 ට අඩු පුද්ගලයින්ට ත්‍රිරෝද රථ රියැදුරු බලපත්‍ර නිකුත් කිරීම නවති

colombotoday

බූස්ස සතොස ගබඩාවට ඇමති බන්දුල කඩා පනී..|කළමනාකරුගේ වැඩතහනම්.

colombotoday

සහරාන් ගේ ගිවිසුම්වලට එකඟ වූ ශ්‍රී ලංකාවේ ඉස්ලාමීය රාජ්‍යයක් පිහිටුවීම ඉලක්ක කරගත් සංවිධාන අනුර කුමාරගේ සන්ධානයට එකතු වෙලා.

colombotoday