Colombo Today Local NewsHot News

ආණ්ඩුවේ අවසානය අගහරුවාදී තීරණය වෙයි… එජාප ඇමතිලා කැබිනට් මණ්ඩලය වර්ජනය කරයි

විශ්වාසභංගයේදී අගමැතිවරයාට එරෙහිව ඡන්දය භාවිතා කළ ශ්‍රීලනිප ඇමතිවරුන්ට විරෝධය දක්වමින් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන ඇමතිවරුන් අගහරුවාදා පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීම වර්ජනය කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වනවා.

විශ්වාසභංගයට පක්ෂ වූ ශ්‍රීලනිප ඇමතිවරුන්ට තව දුරටත් ආණ්ඩුවේ රැදී සිටිමට හැකියාවක් නොමැති බවත්, ඔවුන් වහාම ආණ්ඩුවෙන් ඉවත් කළ යුතු බවට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම දැඩි ස්ථාවරයක සිටින අතර, ජනාධිපතිවරයාගෙන් එයට යහපත් ප්‍රතිචාර ලැබී නැත.

අගමැතිවරයා ඇතුළු එජාප පාර්ශවය කැබිනට් මණ්ඩලය වර්ජනය කළහොත් ආණ්ඩුවද අහෝසි වන බැවින් එළඹෙන අගහරුවාදා දිනය ජාතික ආණ්ඩුව තව දුරටත් ඉදිරියට පවත්වාගෙන  යනවාද නැද්ද තීන්දු වන තීරණාත්මක දිනයක් වනු ඇති බවද දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

Related posts

මහසෝන් බළකා ප්‍රධානියාගේ සුවදුක් බලන්න ඥාණසාර හිමි බන්ධනාගාරයට

colombotoday

ගුරුවරු ඔන්ලයින් අතහැර වර්ජනයම තෝර ගනී

colombotoday

දින 6ක බිළිඳෙක් කොවිඩ් ආසාදිතව මියයයි

colombotoday

රාජ්‍ය සේවය බාදාවකින් තොරව පවත්වාගෙන යාමට නව චක්‍රලේඛයක් නිකුත් වෙයි

colombotoday

ෂාෆි දොස්තරගෙන් සැත්කම් කළ පසු ආය දරුවන් ලැබුණේ නෑ – මව්වරුන් හැඩූ කදුළින් පැමිණිළි කරයි…

colombotoday

වියළි මිදි හිස් ඇසුරුම් තුළන් කෝටි 1 1/2ක වියළි කහ මතුවෙයි

colombotoday