Colombo Today Local News

ගුරුවරු ඔන්ලයින් අතහැර වර්ජනයම තෝර ගනී

දරුවන්ගේ ඔන්ලයින් අධ්‍යාපන කටයුතුවලට සහභාගී නොවී දැනට ආරම්භ කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව සිදු කිරීමට ගුරු වෘත්තීය සමිති තීරණය කර තිබේ.

සිය ඉල්ලීම් රැගෙන ඔවුන් අද විරෝධතා පාගමනක නිරත වුණේ කොළඹ කොටුවේදීයි. පසුව ඔවුන් ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා පැමිණියේ උද්ඝෝෂණ සහ මහජන ඒකරාශීවීම් සිදු නොකළ යුතු බවට සෞඛ්‍ය නිර්දේශ පවා නිකුත් කර ඇති පසුබිමකය.

පසුව විරෝධතා පාගමනින් පැමිණි තිදෙනෙකුට සාකච්ඡාවක් සඳහා ජනාධිපති කාර්යාලයට ඇතුළුවීමට අවසර හිමිවිය. ඊට සහභාගී වූ ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් පසුව මාධ්‍ය වෙත අදහස් පළ කළේය.

පළමුව නිරෝධායන රෙගුලාසි වලටත්, පසුව වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමිනුත් ගුරු සංගම් ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් දින 10 කට අධික කාලයක් රට පුරා දරුවන්ගේ ඔන්ලයින් අධ්‍යාපනය බිඳ වැටී තිබේ.

Related posts

ජගත් කුමාරත් සජබෙන් හැලෙයි

Admin

ඩීන්ස් පාර අවහිර වෙයි

Admin

බ්‍රිගේඩියර් ප්‍රියංකට එරෙහි වරෙන්තුව අවලංගු කෙරේ…

colombotoday

මුස්ලිම් මන්ත්‍රීවරු හත්දෙනෙක් එජාපයට පනී…

colombotoday

නවක වදය දුන් සිසුන් 15 යළි රිමාන්ඩ්

colombotoday

රතන හිමි අඩියක් පසුපසට… ඡන්දය නිශ්ක්‍රීය කරයි !

colombotoday