Colombo Today Local News

එරාවූහිදී සිදුවූ පහරදීමකින් පොලිස් පරීක්ෂක මිය යයි

මඩකලපුව එරාවුර් ප්‍රදේශයේදී පුද්ගලයන් තිදෙනකුගේ පහරකෑමට ලක්‌වූ පොලිස්‌ පරීක්‍ෂකවරයකු මඩකලපුව ශික්‍ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පෙරේදා (24 දා) උදේ 9.00 ට පමණ මියගොස්‌ තිබේ.

මෙම සිද්ධියෙන් මියගොස්‌ ඇත්තේ අලව්ව ප්‍රදේශයේ පදිංචිකරුවකු වන පොලිස්‌ පරීක්‍ෂක එච්.එම්.සී. හේරත් (51) මහතායි.

මියගිය පොලිස්‌ පරීක්‍ෂකවරයා යාපනය ප්‍රදේශයේ රාජකාරියේ නිරත අයෙකි. ඔහු පුද්ගලික අවශ්‍යතාවක්‌ සඳහා එරාවුර් ප්‍රදේශයට ගොස්‌ 23 වැනිදා රාත්‍රි එහි පිහිටි හින්දු කෝවිලකට ගොස්‌ තිබේ. එම ස්‌ථානයේ සිට රාත්‍රි 9.00 ට පමණ ආපසු යමින් සිටියදී හෙතෙම පිරිසක්‌ සමග ආරවුලකට පැටලී ඇති බවත් එහිදී හෙල්මටයක්‌ වැනි යමකින් පොලිස්‌ පරීක්‍ෂකවරයාට පහරදී ඇති බවටත් තොරතුරු අනාවරණය වී තිබේ.

මෙහිදී තුවාල ලැබූ පොලිස්‌ පරීක්‍ෂකවරයා ප්‍රතිකාර සඳහා මඩකලපුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්‍ෂයට පත්ව ඇත.

මෙම සිද්ධිය සම්බන්ධව සැකපිට තිදෙනකු එරාවුර් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. එරාවූර් පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ සිදුකරනු ලබයි.

දිවයින

Related posts

වැල්ලම්පිටියේ ගංවතුර බලන්න පවුල් පිටින් සංචාරයේ ආ ඇමතිට හූ කියා පන්නයි

colombotoday

යහපාලන ආණ්ඩුවෙන් බඳවාගත් 8000ක් රජයේ ආයතන වල අයිස් ගසයි.

colombotoday

මොරගහහේන වෙඩි තැබීමේ සැකකරු පොලිස් වෙඩි පහරින් මියයයි

Admin

විශේෂඥ පට්ටමක් නිසා නියෝජ්‍ය කතානායකටත් ලෙඩක්

Admin

මරදාන – දෙමටගොඩ අතර දුම්රිය දාවනය නවතී

Admin

මැතිවරණයට අදාළ සියලු ප්‍රචාරණ කටයුතු හෙට මධ්‍යම රාත්‍රියෙන් අවසන්

colombotoday