Colombo Today Local News

“විශ්වාසභංගයට පෙර ඉල්ලා අස්වී එජාප අයෙක් අගමැති කරවන්න” – රනිල්ට ජාත්‍යන්තර බලපෑම්

විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට පෙර ධුරයෙන් ඉල්ලා අස්වන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ප්‍රබල රටවල් කිහිපයක තානාපති අංශ දන්වා ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.

යම් හෙයකින් විශ්වාසභංග යෝජනාවෙන් අග්‍රාමාත්‍යවරයා පරාජයට පත්වුහොත් ඔහුට විපක්ෂය යාමට සිදුවන බවත්, එසේ වුවහොත් දැනට විපක්ෂ නායක ධුරය දරන දෙමළ ජාතික සන්ධානයේ ආර්. සම්බන්ධන් මහතාට ඉන් වීමට සිදුවනු ඇති බවද, වත්මන් රජයේ සංහිදියා හා ප්‍රතිසන්ධාන වැඩපිලිවෙල අවුල් වී රට අරාජිකවනු ඇතිබවත් තානාපති අංශ අනතුරු හගවා තිබේ.

මේ නිසා මේ මොහොතේ අගමැති ධුරයෙන් ඉවත් වී එක්සත් ජාතික පක්ෂයේ වෙනත් අයෙකු අගමැති ධුරයට පත්කර ජනාධිපතිවරයාගේ නිල කාලය අවසන්වන තුරු වත්මන් ආණ්ඩුව පවත්වාගෙන යැමට කටයුතු කරන ලෙසද තානාපති අංශ දන්වා ඇති බව සදහන්ය.

Related posts

ඉන්දියානු ණය ආධාර යටතේ තමිල් නාඩුවෙන් පොත් මුද්‍රණයට කඩදාසි

colombotoday

ආනයනික සහල් සහ පාන් පිටි බදු පහළ දැමේ !

colombotoday

හෝමාගම කර්මාන්තශාලාවේ ගින්නෙන් වායු ගෝලයට සහ අවට පරිසරයට හානි

Admin

පොලිස් නිලධාරීන්ගේ විෂමාචාර සහ අකටයුතුකම් සෙවීමට බුද්ධි අංශ

colombotoday

වතුර නැති පාසල් 1000ක්… වැසිකිලි නැති පාසල් 1800 කට වැඩී

Admin

ජීවිත අවදානම තවමත් එළෙසමයි.. හමුදා ආරක්ෂාව ඉවත් කරන්න එපා

colombotoday