Top StoriesWorld

සෞදි කාන්තාවන්ගේ හිජාබය සහ බුර්කාව ගැලවේ? මොහොමඩ් බින් සල්මාන් කුමරුගේ තීරණය මෙන්න

තම රටේ කාන්තාවන්ට හිජාබය හෝ බුර්කාව පැළඳිම අවශ්‍යම නොවන බවත්, ඉස්ලාමීය භක්තිය සඳහා සංකේතවත් වන යහපත් සහ ගෞරවණිය ඇඳුමක් ඇදීම පමණක් ප්‍රමාණවත් යැයි සෞදී අරාබියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු පවසනවා.

මොහොමඩ් බින් සල්මාන් බලයට පැමිණීමත් සමගම සෞදියේ ස්ත්‍රී අයිතීන් පුළුල් වී තිබෙන අතර කාන්තාවන්ට රියදුරු බලපත්‍ර ලබාදීම, කාන්තාවන්ට මෝටර් රථ ධාවන තරඟ සඳහා සහභාගී වීමටද මේ වනවිට ඉඩ සැලසී තිබෙනවා. එමෙන්ම ඔවුනට ක්‍රීඩා තරග නැරඹීමේ නිදහසද මේවනවිට හිමිව තිබෙනවා.

“නීතිරීති ඉතා පැහැදිලිය. ෂරියා නීතියේ සඳහන් කර ඇති පරිදි ” පුරුෂයින් මෙන්ම කාන්තාවන්ද ගෞරවනීය ඇඳුම් ආයිත්තම් පැළඳීය යුතු බව සදහන්. නමුත් මෙහි විශේෂයෙන් කළු අබායා හෝ කළු හිස ආවරණයක් (බුර්කාව) පිළිබදව විශේෂයෙන් සඳහන් කරලා නැහැ. කාන්තාවන් තමන්ට ගැලපෙන ඇඳුම් කුමක්ද කියා සිතා එය ඇදීමට සම්පුර්ණ අයිතිය තිබෙනවා ” යනුවෙන් CBS රූපවාහිනිය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මොහොමඩ් බින් සල්මාන් කුමරු ප්‍රකාශ කරනවා.

මේ අතර පසුගිය මාසයේදී සෞදි අරාබියේ ජ්‍යෙෂ්ඨ පූජකතුමන්, කාන්තාවන් නිහතමානීව ඇඳුම් ඇඳිය ​​යුතු බව පැවසුවද, එය අබායා වැනි ඇඳුම්ම ඇඳිය යුතු බව ඔහු ප්‍රකාශ කර තිබුනේ නැහැ.

මාර්තු 8 වනදා ලෝක කාන්තා දිනය සමරමින් සෞදියේ, ජෙඩා නගරයේදී කාන්තාවන් පිරිසක් තමන්ට අලුතින් ලැබුනු නිදහස සමරමින් ක්‍රීඩාවන්හි යෙදෙමින් එළිමහනේ ව්‍යායාම් කරමින් සිටින අයුරු දැක ගන්නට ලැබුණු බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුනා.

කෙසේ නමුත් සෞදියේ ඔටුන්න හිමි කුමරු පවසා සිටින්නේ 2030 වර්ෂය වන විට තම රටේ උසස් ස්ථානයන්හි කාන්තාවන් සිටිනු දැකීම තම අපේක්ෂාව වන බවත් ඒ සදහා වන බාධාවන් ඉවත් කරමින් ඔවුන්ට නිසි ගෞරවය ලැබෙන පරිදි ඉදිරියට ඒමට අවශ්‍ය පරිසරය සකස් කිරීම තම අරමුණ බව සදහන් කර සිටිනවා.

Related posts

වට්ස්ඇප් නව රෙගුලාසි ඉල්ලා අස්කර ගනු. | ඉන්දීය රජය වට්ස්ඇප් සමාගමට දින 7ක් දෙයි.

colombotoday

ඇෆ්ගනිස්ථානයේ පුරවැසියන් අත්අඩංගුවට නොගන්නැයි සර්දාර් අහමබඩ්ගෙන් ඉල්ලීමක්

Admin

ආර්ජන්ටිනාවේ ජනාධිපතිවරණයෙන් ජේවියර් මිලෙයිට ජය

Admin

භාවිතයට නොගන්නා ගූගල් ගිණුම් වලට වෙන්න යන දේ

Admin

මාධ්‍යවේදිනියකට ලිංගික අතවර කළ චෝදනාවට ට්‍රම්ප් වරදකරු වෙයි

Admin

අල් කුර්ආනය ප්‍රචණ්ඩත්වය හා වෛරය ප්‍රවර්ධනය කරනවා. ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළ නඩුව අද විභාගයට.

colombotoday