ජපානයේ නිල සංචාරයක නිරත වන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (04) පෙරවරුවේ ජපාන අග්‍රාමාත්‍ය ෂෙන්සෝ අබේ මහතා සමග ද්විපාර්ශික සාකච්ඡා ආරම්භ කිරීමට නියමිතය. එය පැවැත්වෙන්නේ කියෝතෝ නුවරදීයි.
අග්‍රාමාත්‍යවරුන් දෙදෙනා අතර ද්වීපාර්ශ්වික සාකච්ඡා වට දෙකක් පැවැත්වීමට නියමිත අතර අද පැවැත්වෙන්නේ ඉන් පළමුවනැන්නයි. දෙවන ද්විපාර්ශ්වික සාකච්ඡාව අනිද්දා ටෝකියෝ නුවරදී පැවැත්වීමට නියමිතය.
ඊට අමතරව අද (04) කියෝතෝ නුවරදී ආරම්භ වන විද්‍යා හා තාක්ෂණ සංසදය සමුළුවද රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (04) පස්වරුවේ ඇමැතීමට නියමිතය.
මෙම සංචාරයේදී අග්‍රාමාත්‍යවරයා ජපාන පාර්ලිමේන්තුවද ඇමැතීමට නියමිතයි.