Colombo Today Local News

“මහින්දට 45% යි.. බහුතරය අපටයි.. ඡන්ද ප්‍රතිඵලයෙන් ආණ්ඩුව තවත් ශක්තිමත් වුණා“ – රාජිත

යහපාලන ආණ්ඩුවට 2015 ජනවාරි 08 ජනපතිවරණයේ දී ලැබුණු ජනවරම පළාත් පාලන මැතිවරණයේදී තවත් ශක්තිමත් වී තිබෙන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය, රජයේ සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

එබැවින් අගමැතිවරයා වෙනස් කිරීමේ හෝ ආණ්ඩුව ඉල්ලා අස්වීමේ කිසිදු අවශ්‍යතාවක් මතු වී නොමැති බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි.

ප්‍රකාශිත ඡන්ද ප්‍රතිඵලවලට අනුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ලැබී තිබෙන්නේ ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් 45% කට ආසන්න ඡන්ද ප්‍රතිශතයක් බව පවසන අමාත්‍යවරයා එය ජනවාරි 08 මැතිවරණයේ දී හිටපු ජනාධිපතිවරයා ලබා ගත් ඡන්ද ප්‍රතිශතයට වඩා අඩු ඡන්ද ප්‍රතිශතයක් බව ද සඳහන් කරයි.

එම ප්‍රතිඵලය අනුව ශ්‍රී ලංකාවේ බහුතර ඡන්දදායකයන් සිය ඡන්දය භාවිත කර තිබෙන්නේ පොහොට්ටුව ලකුණෙන් තරග කළ පොදු ජන පෙරමුණට එරෙහිව බව සෙඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.

වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය, රජයේ සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක දොස්තර රාජිත සේනාරත්න මහතා :

“ප්‍රතිඵලය පිළිබඳව මා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡා කළා. ආණ්ඩුවේ අඩු පාඩු නිවැරදි කරගෙන ඉදිරියට යාමට ඔවුන් දෙදෙනාම කැමැත්ත පළ කළා.

පළාත් පාලන මැතිවරණය ජයගෙන අග්‍රාමාත්‍යවරයා වීමට හෝ මහ මැතිවරණයක් පැවැත්වීමට හිටපු ජනාධිපතිවරයා සිහිනයක සිටිය ද එය ඉටු වන්නේ නැහැ.

හිටපු ජනාධිපතිවරයාට අග්‍රාමාත්‍ය ධූරය ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ එක්සත් ජාතික පක්ෂය මෙතෙක් යෝජනා කර නැහැ.

2015 වසරේ වත්මන් රජයට ජනවරම ලබාදී ඇත්තේ දුෂණය සහ වංචාව පිටුදැකීමටයි. එය අඛණ්ඩව ඉදිරියට සිදු කිරීමට යහපාලන රජයේ නායකයින් එකගත්වයට පැමිණ තිබෙනවා.

ජනවරමට අනුව අපේක්ෂාවන් ඉටු කිරීමේ සටනේ තවදුරටත් රැදී සිටිනවා. එමෙන්ම 2020 න් පසු ජනාධිපතිවරයා යළි පත් කිරීමට ද කටයුතු කරනවා.”

Related posts

මහින්දගේ නායකත්වයෙන් අලුත් පක්ෂය 02 වෙනිදා මාතරදී එළිදකී

colombotoday

යාපනය කොට්ඨාසයේ ජය සජිත්ට

colombotoday

රටේ ආර්ථිකය ඉවරයි ! ජනපතිගේ රතු කට්ට පනී.. අගමැතිගේ මූණටම දොස්මුරයක්..

colombotoday

ඉන්දියාවෙන්, ඉන්දුනීසියාවෙන් ගෙනා සහනාධාර හාල් කිලෝ පන්ලක්ෂ හැට දෙදාහක් ආ ගිය අතක් නෑ

colombotoday

ඩොලර් මිලියන 1000ක ඉන්දියානු ණය ආධාර යෝජනා ක්‍රමය වසරකින් දීර්ඝ කෙරේ…

Admin

“ජල ගාස්තු ඉහළ දමනවා.. විරෝධතා දක්වන්න ලෑස්ති වෙන්න එපා“ – හකීම්

colombotoday