Colombo Today Local News

පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ශ්‍රීයානි විජේවික්‍රම රිය අනතුරකින් තුවාල ලබා රෝහලට

කඩුගන්නාව හේනාවල ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ශ්‍රීයානි විජේවික්‍රම මහත්මිය ඇතුලු තිදෙනෙකු අද (15) අලුයම තුවාල ලබා රෝහල් ගත කොට තිබේ.

අම්පාර ප්‍රදේශයේ සිට කොළඹ දක්වා සිය රථයෙන් ගමන් කරමින් සිටියදී අලුයම තුනට පමණ කඩුගන්නාව ප්‍රාදේශීය රෝහල අසල දී වාහනය මාර්ගයෙන් ඉවතට පැන අසල වූ නුග ගසක ගැටීමෙන් රාජ්‍ය අමාත්‍යවරිය, ආරක්ෂක නිලධාරියා සහ රියදුරු තුවාල ලබා ප්‍රතිකාර සදහා පේරාදෙණීය ශික්ෂණ රෝහලට ඇතුලත් කොට තිබේ.

ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ප්‍රකාශකයෙකු සදහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් කඩුගන්නාව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related posts

එප්පාවල පොස්පේට් ගින්න කුමන්ත්‍රණයක් !

colombotoday

X-Press Pearl වන්දි නඩුව පවරන්න අධිකරණ ඇමතිගෙන් නීතිපතිට උපදෙස්

Admin

බලන්ගොඩ මුලික රෝහලේ හෙද නිලධාරිනියට පහර දුන් සුළු සේවකයා අත්අඩංගුවට

colombotoday

ජෙනරාල් ජගත් ජයසූරියට යුද අපරාධ චෝදනා යටතේ නඩු පවරයි !

colombotoday

අමරපුර – රාමඤ්ඤ නිකාය එක්වීමේ සම්මුතිය අද !

colombotoday

තිස්සමහාරාමයේදී ඥානසාර හිමි පැවැත්වූ ධර්ම දේශනය සඳහා විශාල ජන සහබගිත්වයක්

colombotoday