Colombo Today Local News

ජනපතිගේ ධුර කාලය පිළිබද ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ලැබෙයි !

වත්මන් ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 5 න් පසුව හමාරවිය යුතු බව තීන්දු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ල ජනාධිපති කාර්යාලයට දැනුම්දී ඇතැයි රජයේ නිල නොවන ආරංචි මාර්ගවලින් පැවසෙයි.ශ්‍රේෂ්ඨාධිකරණයේ එම තීරණය ඊයේ (14) සවස ජනාධිපති කාර්යාලයට දැනුම් දී ඇතැයි රජයේ ඉහළ පෙළේ දේශපාලන අංශ ආරංචි මාර්ගවලින් කියැවුණි.

එම ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට මෙම තීරණය පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ ඒකමතික තීන්දුවකි. මීට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ විමර්ශනය සිදුකරන ලද්දේ අගවිනිසුරු ප‍්‍රියසාද් ඩෙප්, ඊවා වනසුන්දර, බුවනෙක අළුවිහාරේ, සිසිර ද ආබෲ සහ කේ.ටී. චිත‍්‍රසිරි යන පංචපුද්ගල විනිසුරු මඩුල්ල විසිනි.

ශ්‍රේෂ්ඨාධිකරණය වෙත තමාගේ ධුර කාලය නිශ්චිතව දන්වන ලෙස ඉල්ලමින් විශේෂ විමසීමක් යොමුකර තිබුණේජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසිනි.

පසුගිය බ‍්‍රහස්පතින්දා එය විවෘත අධිකරණයේ දී සලකා බැලූ පංච පුද්ගල විනිසුරු මඩුල්ල ස්වකීය නිගමනය ඊයේ සවසජනාධිපති කාර්යාලයට බාරදුන්නේය.

ලංකාදීප

Related posts

මධුෂ්ට කෝටි 1000ක මුදල් සහ දේපළ

colombotoday

කමල් මාලිමාව හැරදා යයි

Admin

වව්නියාවේදී ජාතික කොඩිය ගලවා බිම දමා පාගයි…

colombotoday

2015-2018 යහපාලන වංචා දූෂණ හොයන්න ජනපතිගෙන් කොමිසමක්…

colombotoday

ජනපති පාර්ලිමේන්තුවට එයි

Admin

වතුර පිරුණු වළකට වැටී දරුවෙක් මියයයි

colombotoday