Colombo Today Local News

පන්සල්, පාසල් ආසන්නයේත් තැබෑරුම් ඇරීමට අවසර දීමට සූදානම්.. ජනපතිකෙනෙක් රටට කුමටද?

ලිහිල් කළ මත්පැන් නීති වහා අවලංගු කරන්නැයි පාරිබෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා වෙත ලිපියක් යවමින් ඉල්ලා ඇත.

මෙහි දැක්වෙන්නේ එම ලිපියයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා
ජනාධිපති ලේකම් කාර්යාලය
කොළඔ 01.

ගරු ජනාධිපතිතුමනි,

ලිහිල් කළ මත්පැන් නීති වහා අවලංගු කරන්න .

‘’මතට තිත’’ තබන බවට ජනතාවට පොරොන්දු වී බලයට පැමිණි ඔබතුමාගේ නායකත්වයෙන් යුත් රජය මේ වනවිට මත්පැන් ප්‍රවර්ධනය කිරීම ඉතාම කණගාටුදායකය.

අනාදිමත් කාළයක සිට මෙරට ක්‍රියත්මක වූ මත්පැන් නීති ලිහිල් කිරීමට ඉඩදීම කිසිසේත්ම කලයුතු නැත. මුදල් ඇමතිවරයාට පමණක් අවශ්‍ය ආකාරයට නීති සැකසිය හැකිනම් අප රටට ජනාධිපතිවරයෙක් හෝ කැබිනට් මණ්ඩලයක් අවශ්‍ය නැත.

ආගමික ස්ථාන හා පාසැල් ආසන්නයේ මත්පැන්හල් පවත්වාගෙනයාමට අවසර නොදෙන නීතියද ඉදිරියේදී ඉවත් කිරීමට නියමිතය. එබැවින් ඉතාම ඉක්මනින් ඔබතුමා විසින් ජනාධිපති ධූරයේ බලතල ක්‍රියාත්මක කලයුතු බව අපගේ හැගීමයි.

එසේ නොමැතිව මෙරට සිවිල් සංවිධාන කිසියම් කරැණක් පෙන්වා දෙන ආකාරයට කරුණු පෙන්න්වාදීම ඔබතුමාගෙන් ජනතාව බලාපොරොත්තු වන්නේ නැත.

ජනාධිපතිතුමනි මෙරට පොහොර හිගය ඇති වූ අවස්ථාවේ ඔබතුමාගේ එක කෝල් එකෙන් පාකිස්තාන් අගමැතිවරයා පොහොර නැවක් එවූ බවත් රුසියාව අපේ රටේ තේ තහනම් කල අවස්ථාවේ ඔබතුමාගේ එක ලියුමෙන් තේ තහනම ඉවත් කළබවද ඔබතුමා ප්‍රකාශ කළේය.

එහෙම නම් ජනාධිපතුතුමනි, මෙරට විධායක ජනාධිපතිවරයා වන ඔබතුමා මුදල් අමාත්‍යවරයා විසින් මත්පැන් නීති ලිහිල් කල විට ඒ පිළිබදව ප්‍රකාශ නිකුත් නොකර මත්පැන් නීති ලිහිල් කිරීම අවලංගු කිරීමට මුදල් අමාත්‍යවරයාට නියෝග කරන ලෙස ඔබ තුමාගෙන් කරුණාවෙන් ඉල්ල සිටිමි.

රංජිත් විතානගේ – සභාපති
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

Related posts

රටට එරෙහි ගතු කේලාම් කියන්නා හිවලෙක් – සුදත්ත හිමියන්ගෙන් කාදිනල්ට පාඩමක්

colombotoday

“සූදු කාරයෝ ක්‍රිකට් විනාශ කරලා.. ක්‍රිකට් ගොඩගන්න නායකත්වය මට දෙන්න” – අර්ජුන

colombotoday

එළඹෙන සිකුරාදා සිටි අවුරුදු 12න් ඉහළ දරුවන් එන්නත්කරණය අරඹෙයි

colombotoday

පොලිස් පාතාල ගැටුමෙන් තුවාල ලැබූ දරුවන් ගැන සොයා බලනු – උද්ඝෝෂණයක්

colombotoday

ඇමති දිලාන් නැවතත් එජාපයට ප්‍රසිද්ධියේ බැණ වදී (Video)

colombotoday

කඳාන උප දුම්රිය ස්ථානය වසා දමයි

colombotoday