Colombo Today Local News

සළුසලේ ගොඩනැගිල්ලක දේශපාලන හිතවතෙක් හෝටලයක් දමයි.. රාජ්‍ය දේපළ එළිපිට අවභාවිතයේ

සළුසල ආයතනයට අයත් ගාල්ල දිස්ත්‍රික්කයේ තල්ගස්වල පිහිටි ලංකා සළුසල ආයතනයට අයත් ගොඩනැගිල්ලක් බලෙන් අල්ලාගෙන දේශපාලන හිතවතෙකු විසින් හෝටලයක් ආරම්භ කර ඇති බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි. ඒ සම්බන්ධයෙන් එම ව්‍යපාරය නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය මෙසේය.

සළු සල ආයතනයට අයත්  තල්ගස්වල පිහිටි කඩ කාමරයක දේෂපාලන හිතවතෙක් හෝටලයක් දාලා.

සළුසල ආයතනයට අයත් ගාල්ල දිස්ත්‍රික්කයේ තල්ගස්වල පිහිටි ලංකා සළුසල ආයතනයට අයත්  ගොඩනැගිල්ලක ගාල්ල ප්‍රදේශයේ දේශපාලන හිතවතෙකු විසින් වසර හතරක සිට හෝටලක් පවත්වාගෙන යනු ලබන අතර ඒ පිලිබදව සළුසල සභාපතිවරයාට අප විසින් පැමිණිලි කලද අද දක්වා කිසිදු ක්‍රියාමාර්ගක් ගෙන නැත. ඒ අනුව රජයට වූ පාඩුව  රුපියල් විසිහතර ලක්ෂයකට ආසන්නය.(2,400,000.00)ඊට අමතර අදාල පුද්ගලයා විසින් එම ගොඩනැගිල්ලේ අනවසර ඉදිකිරීමක්ද කර ඇත. රජයේ දේපල අවභාවිතය කීරීමට ඉඩදී නිලධාරීන් බලා සීටී.

යහපාලනය යනු ජනතාවට බදු ගසා ජනතාවගේ සාක්කු සුද්ද කර දේශපාලන හිතවතුන්ගේ සාක්කු පිරවීමද යන්න අප අසමු.

මෙයට, විශ්වාසි

රංජිත් විතානගේ – සභාපති

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

Related posts

කේ. එච් නන්දසේන දිවි සැරියට සමුදේ

Admin

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග නිදහස්

colombotoday

විමල්ට අදත් ඇප නොලැබෙයි

colombotoday

ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ජගත් වික්‍රමසිංහ ප්‍රමුඛ අධ්‍යක්ෂ මණ්ඩලයට වහාම ඉවත්වන්නැයි ඇමැති කියයි

colombotoday

හෙට අත්සන් කරන්න යන හම්බන්තොට වරාය ගිවිසුම මෙන්න !

colombotoday

කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් සංඛ්‍යාව 1503ක් දක්වා ඉහළට

colombotoday