Colombo Today Local News

සාම්පූර් චෛත්‍ය ඩෝසර් කළ, කෝවිල් කමිටුවේ ප්‍රධානීන් රක්ෂිත බන්ධනාගාරයට

සාම්පූර් ඉපැරණි චෛත්‍ය ඩෝසර් කර විනාශ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරුවන් සිව්දෙනා හෙට (04 වැනිදා) දක්‌වා රක්‌ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මුතූර් දිසා විනිසුරුවරයා පෙරේදා (01 වැනිදා) නියෝග කළේය.

මෙම ඉපැරණි චෛත ඩෝසර් කර විනාශ කිරීම සඳහා නියෝග ලබාදී ඇත්තේ එම චෛත්‍ය පිහිටි භූමියේ පවත්වාගෙන යන කෝවිලේ සංවර්ධන කමිටුවේ නිලධාරීන් බව පොලිස්‌ පරීක්‌ෂණවලින් හෙළිවී තිබේ.

මෙහිදී රක්‌ෂිත බන්ධනාගාරගත කළ සැකකරුවන් අතර එම කෝවිල් කමිටුවේ සභාපති චිත්‍රවේල් ජෙගදීෂ්වරන්, එහි ලේකම් දේවරාජා නිගන්දර්, භාණ්‌ඩාගාරික රත්නම්චන්ද්‍ර මෝහන් සහ චෛත්‍ය විනාශ කළ ඩෝසරයේ රියෑදුරු ධනුෂ්ක චන්දන යන අය සිටින බව පොලිසිය පවසයි.

සාම්පූර් ඉපැරණි චෛත්‍ය ඩෝසර් කර විනාශ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් හත් දෙනකු අත්අඩංගුවට ගත් අතර ඉන් තිදෙනකු මුතූර් අධිකරණය මගින් ඇප මත මුදාහැර ඇත.

මෙම විනාශයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා සාම්පූර් පොලිසිය විමර්ශන කරගෙන යද්දී ඊට සම්බන්ධ සැකකරුවන් පෙරේදා පෙරවරුවේ පොලිසිය වෙත භාර වී තිබිණි. පසුව ඔවුන් මුතූර් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු කළේය.

සාම්පූර් කෝවිල් කමිටුවේ තීරණයක්‌ මත මෙම චෛත්‍ය මෙසේ ඩෝසර් කර විනාශ කර ඇති බව පොලිසිය පවසයි.

නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති කපිල ජයසේකර, ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි කපිල කඩුපිsටිය, සහකාර පොලිස්‌ අධිකාරි බුද්ධික මනතුංග යන මහත්වරුන්ගේ අධීක්‌ෂණය යටතේ සාම්පූර් පොලිස්‌ ස්‌ථානාධිපති බුද්ධික රාජපක්‍ෂ මහතාගේ මෙහෙයවීමෙන් විමර්ශන පැවැත්වේ.

Related posts

ජනාධිපතිවරණයේ දී පොහොට්ටුවේ නොවන පුද්ගලයෙක් දිනවීමට සාමාජිකයින් කඩේ යවන්නේ නැහැ. – බැසිල් රාජපක්‍ෂ

colombotoday

බදුර්දීන්ගේ මල්ලී, හොර ඔප්පු හදා මන්නාරමේ මහා ඉඩම් ජාවාරමක !

colombotoday

ගම්පහ මහ රෝහලේ CT යන්ත්‍රය අක්‍රීය වේ.

Admin

පොලිසිය සීරුවෙන් තබා අගමැති සමග ජනපති ඊයේ රෑ ගිය ගමන !

colombotoday

කිසිඳු කොරෝනා ආසාදිතයකු අද දවසේ හමු නොවෙයි.

colombotoday

සරසවි සිසුන්ට කදුළුගෑස්, අධිපීඩන ජල ප්‍රහාරයක්…

colombotoday