Colombo Today Local News

“ඒකාබද්ධයේ ඩීල් කාරයෝ සාකච්ඡා කෑවා” – අමරවීර

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය සහ ඒකාබද්ධ විපක්‌ෂය එකතු වීමට පැවැත්වූ සාකච්ඡා බිඳවැටුණේ එක්‌සත් ජාතික පක්‌ෂය සමඟ “ඩීල්” දමන පිරිසක්‌ ඒකාබද්ධ විපක්‌ෂයේ සිටිය නිසා බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති මහින්ද අමරවීර මහතා පැවැසීය.

එම පිරිසට උවමනාව ඇත්තේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය දෙකඩ කර එහි වාසිය එක්‌සත් ජාතික පක්‌ෂයට ලබාදීමට බවද ඇමැතිවරයා කීවේය.

සාකච්ඡාවලදී මස්‌ රාත්තලම ඒකාබද්ධ විපක්‌ෂය ඉල්ලුවේ ඒ නිසා බවද ඩීල් දමන පිරිසගේ උවමනාවට ඒකාබද්ධ විපක්‌ෂයේ වැඩි පිරිසක්‌ අවනත වීම නිසා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයට හා ඒකාබද්ධ විපක්‌ෂයට එකට මැතිවරණයට තරග කිරීමට තිබූ අවස්‌ථාව මඟහැරුණේ යෑයිද ඇමැතිවරයා සඳහන් කළේය.

ආණ්‌ඩුවේ මැති ඇමැතිකම් ගන්න එක්‌සත් ජාතික පක්‌ෂය සමඟ සාකච්ඡා කළ ඒකාබද්ධයේ මන්ත්‍රීවරුන් කවුරුන්ද යන්න දැන් මුළු රටම දන්නා බවද ඇමැතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

(දිවයින)

Related posts

ඉන්දියාවේ අපරාධකරුවන් දෙදෙනෙක් ලංකාවේදී අල්ලයි

Admin

දුම්වැටි බදු වැඩිකරනවාට විරුද්ධ ඇමතිවරු කවුද? නොසගවා හෙළිකරන්න.. ජනපතිගෙන් ඉල්ලයි

colombotoday

තවත් සයිනෝෆාම් එන්නත් මාත්‍රා මිලියනයක් දිවයිනට

colombotoday

සැකකරුවන්ට එරෙහිව චෝදනා ගොනු කිරීම සඳහා කොමිසමට ඉදිරිපත්වුනු ඇතැම් ප්‍රකාශ නීතිපති ඉල්ලයි

colombotoday

ලක්ෂ්මන් යාපාට නඩු!

Admin

කොවිඩ් ආසාදනය වූ දරුවන්ට වැළඳෙන ඉතා අවදානම් රෝගයක් | දරුවන් 06ක් දැඩිසත්කාර ඒකකයේ

colombotoday