ජනාධිපතිවරයා බැදුම්කර වංචාවේ වැරදිකරුවන්ට උපරිම දඩුවම් දීමට කටයුතු කරනවානම්, ඒ වෙනුවෙන් ඔහුට ඒකාබද්ධ විපක්ෂය කොන්දේසි විරහිතව උපරිම සහය දක්වන බව පාර්ලිමේන්තු මන්ත්රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
බැඳුම්කර මගඩියට සම්බන්ධ දේශපාලනඥයන් ජනාධිපතිවරයාට මඩගසමින් විවිධ අවලාද නැගීම හෙළා දකින බවද පාර්ලිමේන්තු සංකිර්ණයේ පෙරේදා (25) පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී මන්ත්රීවරයා මේ බව ප්රකාශ කළේය.
බැඳුම්කර මගඩිය හෙළිදරව්වීම නිසා කෝපයට පත් එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්රීවරුන් නගන අවලාද හමුවේ ඊට එරෙහිව ජනාධිපතිවරයා සමග එකට හිටගැනීමට ඒකාබද්ධ විපක්ෂය තීන්දුකර තිබෙන බවද ඒ මහතා සඳහන් කළේය.
මහදවල් සිදුවුණු බැඳුම්කර මංකොල්ලය දැන් රටට හෙළි වී හමාරයි. මෙහි ප්රතිවිපාක 2045 දක්වාම විඳින්න සිදුවෙනවා . බැඳුම්කර හොරුන්ට දඬුවම් දෙන්න එක එක්කෙනාගේ තර්ජන ගර්ජනවලට යට වෙන්න එපා යැයිද මන්ත්රීවරයා පැවැසීය.