Colombo Today Local News

ඝාතනය කෙරුණු කල්ලාරු මහ ඇතුගේ සිරුරු කොටස් හමුවේ !!

විල්පත්තුවේ ජීවත්වූ කල්ලාරු ඇතාගේ බව කියන සිරුරු කොටස් සිලාවතුර – මුල්ලිකුලම් රක්ෂිතයේ තිබී අද සොයාගෙන තිබෙනවා. පසුගිය දා තන්තිරිමලේ ප්‍රදේශයේදී අත්අඩංගුවට පත් වූ ඇත් දළ යුගල මෙම ඇතාගේ බවයි සැකකෙරෙන්නේ.

මෙම ඇතා දැනට මාස 8 ක පමණ සිට විල්පත්තු ජාතික වනෝද්‍යානයේ හෝ ඒ අවට දක්නට නොලැබුණු අතර හමුදාව සහ ඒ අවට පොලිස් ස්ථාන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ෂණ සිදුකර තිබිණි.

අඩි 4 යි අඟල් 7 ක දිගින් යුත් ඇත් දළ යුගල සමඟ මුස්ලිම් මව්ලවිවරයෙකු ඇතුළු සැකකරුවන් තුන්දෙනෙකු දෙසැම්බර් 29 වනදා අත්අඩංගුවට ගනු ලැබුවේ අනුරාධපුර පොලිස් අධිකාරි තිළිණ හේවාපතිරණ වෙත ලද තොරතුරකට අනුවයි.

ඉන් එක් සැකකරුවෙකු මල්වතු ඔය පාලම අසලදී අත්අඩංගුවට ගත් අතර ඉතිරි දෙදෙනා සිලාවතුර ප්‍රදේශයේදී පොලිස් භාරයට ගැණිනි.

මෙම ඇත් දළ යුගලය මෙතෙක් සොයාගත් විශාලතම ඇත් දළ යුගලය බවයි පොලීසිය පවසන්නේ.

අත්අඩංගුවට ගැණුනු මුස්ලිම් මව්ලවිවරයා ඇතුළු සැකකරුවන් ජනවාරි 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

 

Related posts

කොළඹ මාර්ග කිහිපයක් අවහිර වෙයි

Admin

හදිසි විදුලි බිඳ වැටීමෙන්, ජාතික රෝහලේ අක්‍රිය වූ MRI යන්ත්‍ර මෙතෙක් නඩත්තු කර නැහැ

Admin

විල්පත්තු සංහාරය එළිකරාට ඤාණසාර හිමිට එරෙහිව බදියුදීන් වන්දි ඉල්ලා දැමූ නඩුව අද කැදවයි…

colombotoday

අසාත් සාලි එරෙහිව පැමිණිලි කළ මන්ත්‍රීවරුන්ට නොතීසි

colombotoday

අණ නොතකා ගිය ත්‍රිරෝද රථයකට පොලිසියෙන් වෙඩි

Admin

සර්ව පාක්ෂික සමුළුවේදී හිටපු අගමැතිගෙන් ජනතාවට සහන දෙන අය වැයක්

colombotoday