මහැබැංකුවේ බැදුම්කර නිකුතුවේදී සිදුවූ මහා පරිමාණ වංචාව පිළිබද සෙයා බලන විශේෂ විමර්ශන කොමිසමට අද (20) ප්‍රකාශයක් ලබා දීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා යන්නේ රටටම ආදර්ශයක් ලබාදීමට බව ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.
ජනාධිපති කොමිසමෙන් පැමිණෙන ලෙසට කිසිදු දැනුම්දීමක් සිදු නොකර තිබියදී අග්‍රාමාත්‍යවරයා කොමිසමට යන්නේ ස්වකැමැත්තෙන් බවත් එය සියලුම දේශපාලන නායකයන්ට ආදර්ශයක් බවත් කිරිඇල්ල අමාත්‍යවරයා පෙන්වා දෙයි.