Colombo Today Local News

රණවිරුවන් 24ක් මරා පුළුස්සලා.. නිදහස් ඉල්ලන කොටි සිකරුවන් 3දෙනෙකුගේ කෙරුවාව හෙළිවෙයි

අනුරාධපුර බන්ධනාගාරයේ උපවාසයක යෙදී සිටින සුලක්‌ෂණ්‌, රාසතුරෙයි සහ ගනේෂන් නමැති හිටපු කොටි ක්‍රියාකාරීන් තිදෙනා නාවික භටයන් 18 ක්‌ සහ හමුදා භටයන් 6 ක්‌ වෙඩි තබා මරා පුළුස්‌සා දැමීමේ බිහිසුණු අපරාධයට සම්බන්ධවූවන් බව ත්‍රස්‌ත මර්දන ආරංචි මාර්ග ඊයේ (23දා) හෙළි කළේය.

මෙම හිටපු ත්‍රස්‌තයන් තිදෙනා මුදාගැනීම සඳහා යාපනය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංවිධානයේ සභාපති ක්‍රිෂ්ණාවිනස්‌ සහ ලේකම් ජැක්‌සන් සහ සූලක්‌ෂන්ගේ සොහොයුරිය වූ ක්‍රිෂාන්ති ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමු වී ඇත.

තම නඩුව අනුරාධපුර අධිකරණයෙන් වවුනියාවට මාරු කරන ලෙසද මෙම හිටපු කොටි ත්‍රස්‌තයන් තිදෙනා රජයෙන් ඉල්ලා ඇත.

උතුරේ තරාවෙඩිපායි කොටි කඳවුරේ සිරගත කර සිටි එම හමුදා සහ නාවික භටයන් පිරිස වෙඩි තබා මරා පුළුස්‌සා දැමූ ස්‌ථානයද ත්‍රස්‌ත මර්දන බලධාරීන් සොයාගෙන තිබුණි.

කීර්ති වර්ණකුලසූරිය – දිවයින

Related posts

පන්දාහේ දීමනාව දෙන්න රුපියල් කෝටි 2700 ක් වෙන් කරයි.

colombotoday

ඇප ලැබූ රැඳවියන් සෞඛ්‍ය පරීක්ෂකට දැනුම් දෙන්න

colombotoday

මෝදි ට අනියි කියා බියෙන් වතුකරයේ බඹර වද කඩා ඉවත් කෙරේ..

colombotoday

ETCA ගිවිසුමනම් ගහනවාමයි.. හනුමලාට වන්නම් නටන්න ඉඩ දෙනවා.. රට ගිනිතියන්න දෙන්නෑ

colombotoday

හිට්ලර් පාලනයක් බිහිවෙනවට මං විරුද්ධයි.. පක්ෂෙන් ඉවත්වී දිවි පුදා සටන් කරනනවා – වෙල්ගම

colombotoday

මට්ටක්කුලියේ දෙපිරිසක් අතර ගැටුමකින් තරුණයෙක් මරුට

Admin