ආණ්ඩුවේ සංවර්ධන කටයුතු සහ වියදම් වෙනුවෙන් ඊයේ (17) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ රුපියල් කෝටි 2520ක පරිපූරකයෙන් රුපියල් කෝටි 09ක්ම වෙන් කර ඇත්තේ මාලඹේ නෙවිල් ප්රනාන්දු පුද්ගලික රෝහල සඳහා වීමද විශේෂත්වයකි.
එම රෝහල රජයට පවරාගත් බවට පසුගියදා රාජ්ය උත්සවයක් පැවැත්වූ නමුත් එම රෝහල රජයට පවරා ගැනීම සඳහා කිසිඳු ගිවිසුමක් අත්සන් කර නැති බව මේ වනවිට අනාවරණය වී තිබේ.