Colombo Today Local News

නාමල් රාජපක්ෂ ඇතුළු මන්ත්‍රීවරු 06 දෙනෙකු අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු මහජන නියෝජිතයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.

ඒ, පසුගිය 06 වැනිදා අධිකරණ නියෝග නොතකමින් හම්බන්තොටදී විරෝධතාවක් සංවිධානය කිරිමේ චෝදනාවට අදාළවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාමල් රාජපක්ෂ, ඩී.වී. චානක, ප්‍රසන්න රණවීර යන මහත්වරුන්, බස්නාහිර පළාත් සභා මන්ත්‍රි උපාලි කොඩිකාර හා අජිත් ප්‍රසන්න යන මහත්වරුන්ට ප්‍රකාශයක් ලබාදීම සඳහා හම්බන්තොට
පොලීසියට පැමිණෙන ලෙස දැනුම් දී තිබුණි.

ඒ, අනුව ඔවුන් අද රාත්‍රි 7.30ට පමණ පොලීසියට පැමිණි අතර, ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, ඔවුන් අධිකරණය ඉදිරිපත් කිරිමට නියමිත බව ය.

Related posts

පළාත් සභා මැතිවරණ පනත සංශෝධනය සඳහා වන පනත් කෙටුම්පත හෙට මැතිසබයට

Admin

දුෂ්කර ප්‍රදේශවල ජනතාවට ඉන්ධන කාඩ්පත ලබාගත හැකි ක්‍රමය

colombotoday

මැතිවරණ ප‍්‍රචාරක කටයුතු ආගමික ස්ථානවල නොකරන්නැයි පැෆ්රල් සංවිධානයෙන් ඉල්ලීමක්

colombotoday

බොර තෙල් නැවේ තොග ගොඩබෑම අද අරඔයි

colombotoday

අධිකරණ තීන්දුවෙන් පසු…

colombotoday

මෙරටින් හමුවූ කොරෝනා රෝගීන් අතර අවුරුද්දයි මාස 5ක දරුවෙකුත් !

colombotoday