Colombo Today Local News

එජාප මැතිවරණ සටන ඇරඹෙයි.. සජිත් හැලෙයි.. මිලියන දෙදාහක් අරන් රවී ගමින් ගම එයි !!

පළාත් පාලන මැතිවරණයට අදාළ එක්සත් ජාතික පක්ෂ ඡන්ද සටන මෙහෙයවීම හිටපු ඇමැති රවී කරුණානායකට භාර දී තිබේ. එජාප විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරන්නේ පළාත් පාලන මැතිවරණයේ ගම් මට්ටමේ සංවිධාන කටයුතුවල වගකීම ඒ අනුව හිටපු ඇමැතිවරයා දරනු ඇති බව ය.

මේ සඳහා මිලියන දෙදහසකට අධික මුදලක් වැය කිරීමට අපේක්ෂිත බවත්, එම මුදල් ආසන මට්ටමින් බෙදා හැරීම, ආසන සංවිධායකවරුන් සමඟ ප්‍රචාරක කටයුතු සැලසුම් කිරීම ඇතුළු සියළු කටයුතු හිටපු ඇමැතිවරයාට පැවරෙනු ඇති බවත් අදාළ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

මේ මැතිවරණ සංවිධාන කටයුතු හිටපු ඇමැතිවරයාට භාරදීම සම්බන්ධයෙන් මීට පෙර යම් මතභේදාත්මක තත්ත්වයක් තිබුණද, මේ වනවිට එය වෙනස් වී ඇතැයිද අදාළ ආරංචි මාර්ග පවසා සිටී.

 

Related posts

අනුර සහෝදරයා ආරක්ෂාව ගැන හිතලා ලෑන්ඩ් කෲසර් එකක ගමන් බිමන් කරනවා

Admin

(Video) බෙඩ් සෙල්ෆිය ගැන පියුමි ඇත්තම කියයි – හරීන් පොලිසි යයි !

colombotoday

රජයේ සියලු කටයුතු සිදු කර තිබෙන්නේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුකූලවයි – ජනපති UNඑකට දන්වයි

colombotoday

කින්නියා, කුරිඤ්ඤන්කර්නි කළපුවේ මගී ප්‍රවාහනයට නාවික හමුදා යාත්‍රාවක්

colombotoday

බැසිල්ට විදෙස් ගමන් තහනමක් නිකුත් කරන්නැයි ඉල්ලීම අධිකරණයෙන් ඉවතට

colombotoday

ඩී.අයි.ජි. නමින් පිලියන්දල ගණිකා මඩමක් දාලා

colombotoday