Colombo Today Local News

ආණ්ඩුව කරන්නේ වෙන කට්ටියක්.. බලාපොරොත්තු කඩ වීම නිසා ඇමති හරීන් දුකෙන් !

හදවතේ ලොකු බලාපොරොත්තු ගොඩත් තියාගෙන් ආණ්ඩුව හැදීමට එකතු වුණත්, යහපාලන ආණ්ඩුව ගොඩනැගීමට මුල්වී කටයුතු කළ පිරිසට යමක් කරන්න පුලුවන් වුණාද, මදිද ? කියා තමන්ගේ හදවතේ චකිතයක් පවතින බව විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

“මගෙත් හදවතේ ඒ ගැන පොඩි දුකක් තියෙනවා. දුකක් නැතිව නෙවෙයි. මාත් හදවතේ ලොකු බලාපොරොත්තු ගොඩක් තියාගෙන තමයි මේ ආණ්ඩුව හදන්න එකතු වුනේ. ඊයේ ජනාධිපතිතතුමා ආවා. ජනාධිපතිතුමාගේ ඉස්සරහාම මම කිව්වා ආණ්ඩුව හැදුවේ අපි හැබැයි දැන් ආණ්ඩුව කරන්නේ වෙන කට්ටිය ඒත් කමක් නෑ. හැබැයි බලාපොරොත්තු වූ කට්ටියට යමක් කරන්න පුලුවන් වුණාද මදිද කියාලා හදවතේ පුංචි චකිතයක් තියෙනවා”. යනුවෙන් පැවැසීය.

 

අමාත්‍යවරයා මේ බව පැවසුවේ බණ්ඩාරවෙල සර් රාසික් ෆරීඩ් මහ විද්‍යාලයේ ඊයේ (28) පැවැති උත්සවයකට එක්වෙමිනි.

Related posts

ඇලෝසියස්ගෙන් මුදල් ලබාගත් තවත් අයෙක් හෙළිවෙයි !

colombotoday

වට්ස්අප් තහනමත් ඉවතට… ෆේස්බුක් තහනම දිගටම… ජනාධිපති මාධ්‍ය අංශයේ නිවේදනය මෙන්න

colombotoday

ආණ්ඩුවෙන් ඉවත් වන්නැයි ශ්‍රීලනිපයට දැනුම් දෙයි ! 

colombotoday

සමාජ, ආර්ථික, සංස්කෘතික පරාධීනත්වය යළි මෙරටට උරුම කරන ‘ඉට්කා‘ අව-මගුල

colombotoday

කුරගල පුදබිමට ජූජා භූමි ඔප්පුවක් දෙයි.. සහජීවනය තකා අනවසර පල්ලිය ඉවත් නොකෙරෙයි !

colombotoday

යාපනයේ ස්ථානයකට ප්‍රහාරයක්… හිටපු මන්ත්‍රීවරයෙක් සැගවෙයි

colombotoday