විදුලි බලමණ්ඩල සේවකයින් විසින් ආරම්භ කර ඇති වැඩවර්ජනය තවදුරටත් පවත්වාගෙන යන බව ලංකා විදුලි බලමණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සංධානය පවසයි. තම ඉල්ලීම් සඳහා විසඳුමක් ලබා දෙන තෙක්ම වැඩවර්ජනය ඉදිරියට ම ක්‍රියාත්මක කරන බව ඔවුහු පවසති.
වැටුප් විෂමතා ඉවත් කර හයට එක අනුපාතයට වැටුප් තල සකස් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් පසුගිය 13 වනදා මෙම වැඩවර්ජනය දියත් කෙරිණි. ඒ අනුව අද වැඩවර්ජනයේ සිව් වන දිනයයි.
මේ අතර අඛණ්ඩව සේවා සැපයීම සදහා ත්‍රිවිධ හමුදාවේ සහ විශ්‍රාමික විදුලි සේවකයන්ගේ සහයෝගය ලබා ගැනීමට රජය පියවර ගෙන තිබේ. ඒ අනුව පාරිභෝගිකයින්ට අඛණ්ඩව විදුලිය ලබා දීමට ත් විදුලි බිඳවැටීමකදී එය යථා තත්ත්වයට පත් කිරීමටත් ත්‍රිවිධ හමුදාවේ සහයෝගය ලබා ගන්නා බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළේය.