Colombo Today Local News

රාජ්‍ය ආදායම කෝටි 1424කින් පහළට !

2017 වර්ෂයේ පළමු කාර්තුව තුළ රාජ්‍ය අදායමට සාපේක්ෂව දෙවැනි කාර්තුවේ රාජ්‍ය අදායම රුපියල් කෝටි 1424 කින් පහත බැස ඇතැයි 2017 වසරේ අයවැය අර්ධ වාර්ෂික මුල්‍ය කාර්ය සාධක වාර්තාව පෙන්වා දෙයි.

එහි සඳහන් වන පරිදි අමාත්‍යංශ 51ක් සඳහා මෙම වර්ෂය වෙනුවෙන් ලබා දුන් මුළු ප්‍රතිපාදනයන්ගෙන් 67.8% ක මුදලක් ණය ගෙවීම් සඳහා වැය කර තිබේ.

එසේම අමාත්‍යාංශය සදහා වෙන් කරන ලද ප්‍රතිපාදනවලින් 49.4%ක ප්‍රමාණයක් වියදම් කර නැති බවද එම වාර්තාවේ පෙන්වා දෙයි.

දෙවැනි කාර්තුව තුළ වැඩිම මුදලක් විදුලිබල හා පුනර්ජනනීය අමාත්‍යාංශය වියදම් කර ඇති අතර එය 70.4%කි.
එමෙන්ම අවම මුදලක් වැය කර තිබෙන්නේ ජාතික ඒකාබද්ධතා සහ ප්‍රතිසන්ධාන අමාත්‍යාංශය හා විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශයයි.එය එම අමාත්‍යාංශය සඳහා වෙන් කළ මුදල් ප්‍රමාණයෙන් 3.3%ක් සහ 3.9%ක් වේ.

2017 පළමු කාර්තුවේ රාජ්‍ය අදායම රුපියල් කෝටි 44,525ක් වන අතර දෙවැනි කාර්තුවේ රාජ්‍ය අදායම රුපියල් කෝටි 43,101ක් ලෙස වාර්තා සඳහන් කරයි.

Related posts

පොල්ගස් – කැපීම තහනම් ගස් ලයිස්තුවට

colombotoday

නැගෙනහිර ආණ්ඩුකාර හිස්බුල්ලාගේ කාර්යාලයේ තිබී ආයුධ තොගයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට…

colombotoday

එක්සත් ජාතික පක්ෂයට ජනාධිපති අපේක්ෂකයන් හිඟයක් නෑ. 10ක් ඉන්නවා.

colombotoday

රනිල් එලවන්නැයි මන්ත්‍රී හමුවේදී රංගේ කියයි.. කබීර් හෂිම් මාසයක් කල් ඉල්ලයි..

colombotoday

පළාත් කිහිපයකට අද පස්වරුවේත් තද වැසි

colombotoday

එන්නත් මාත්‍රා දෙකක් ගත් වෛද්‍ය ජයරුවන් බණ්ඩාරට කොවිඩ්

colombotoday