Colombo Today Local News

රවී තීරණයක් ගනී… විදේශ ඇමති ධුරය සරත් අමුණුගමට ?

බැදුම්කර සිදුවීම නිසා ඇතිව තිබෙන් ආන්දෝලනාත්මක තත්වය මත රවී කරුණානායක මහතා විදේශ කටයුතු අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙන බව නිල නොවන ආරංචි මාර්ග සදහන් කරනවා.

යම් හෙයකින් රවී කරුණානායක මහතා එම තනතුරින් ඉවත් වුව හොත් විදේශ කටයුතු අමාත්‍ය ධුරයට සරත් අමුණුගම මහතා පත් කෙරෙනු ඇති බවද එම ආරංචි මාර්ග සදහන් කරයි.

යහපාලන සම්මුතිය අනුව විදේශ කටයුතු අමාත්‍යාංශය එජාප යට හිමිවිය යුතු වුවද ඇතිව තිබෙන් තත්ත්වය මත ශ්‍රීලනිප යේ සරත් අමුණුගම මහතා එම ධුරය ලබා දිමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද කැමැත්ත පලකර ඇති අතර, සරත් අමුණුගම මහතා දැනට දරන අමාත්‍යධුරය තිලක් මාරපන මහතාට ලබා දීමට යෝජනා වී ඇති බවද පැවසේ.

Related posts

මධ්‍යම අධිවේගයේ සුපිරි ගැහිල්ලක් ! අර්ජුන්ගේ බැදුම්කර බෑණා මේකටත් බැහැලා

colombotoday

අපනයනය ඉලක්ක කර ගනිමින් කල වගා ව්‍යපෘති සාර්ථකයි

Admin

කෝටි සීයක් (බිලියනයක්) දීලා මහින්ද මාව ගන්න හැදුවා – විජයකලා

colombotoday

“2020 අගමැති අපේක්ෂකයා මමයි” විධායකයෙන් පාර්ලිමේන්තුවට ජනපතිගෙන් කරණමක්?

colombotoday

ඉන්ධන මිල සූත්‍රය මමත් දැකලා නෑ – ශ්‍රී ලනිප මාධ්‍ය ප්‍රකාශක

colombotoday

රට බෙදන ව්‍යවස්ථාවට එරෙහිව හිමිනමක් උපවාසයේ…

colombotoday