Colombo Today Local News

“මා කියූ ආණ්ඩුවේ හොරු එළිවුණා.. මට අස්වෙන්න කියූඅය ඔවුන්ටත් අස්වෙන්න කියනු” – රන්ජන්

ඇමැති රවී කරුණානායක මහතාට එල්ල වූ චෝදනාව තමාට එල්ල වුණා නම් ඇමැති ධුරයෙන් වහාම ඉල්ලා අස්‌වන බව නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා පැවැසීය.

යහපාලන ආණ්‌ඩුවේ සොරුන් සිටින බව අනාවරණය කළ විට තමන්ට ආණ්‌ඩුවෙන් ඉවත්වන ලෙස ඇතැම් පාර්ශ්ව සඳහන් කළ බවත් දැන් එල්ල වී තිබෙන චෝදනා හමුවේ ඉවත් වන්නේ කවුරුන්ද කියා තමා බලා සිටින බවත් හෙතෙම කීය. මහ බැංකු බැදුම්කර ගනුදෙනුව සම්බන්ධව සොයා බැලීමට පත්කරන ලද ජනාධිපති විමර්ශන කොමිසම් සභාවේ සාක්‌ෂි මඟින් ඇමැති රවී කරුණානායක මහතාට එල්ල වී ඇති චෝදනා සම්බන්ධව කළ විමසුමකට පිළිතුරු දෙමින් මේ බව සඳහන් කළ රන්ජන් රාමනායක මහතා මෙසේ ද කීය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාගේ රජය සමයේ මේ වාගේ ජනාධිපති කොමිෂන් තිබ්බේ නැහැ. අද මේ රජය ස්‌වාධීනව ක්‍රියාකරනවා. පසුගිය රජයේ කොච්චර හොරු හිටිය ද? අද ජනාධිපති කොමිසම යටතේ ඕනෑම කෙනෙක්‌ පිළිබඳව පරීක්‌ෂණ පවත්වනවා. මෙම පරීක්‌ෂණවලින් හෙළිවෙන තොරතුරු අනුව කවුද අයින්වෙන්නේ කියලා මං බලාගෙන ඉන්නවා.

– දිවයින

Related posts

ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 700ක් දෙන්න ලෝක බැංකුවේ අනුමැතිය

Admin

ඉදිරි දින කිහිපයේදී උදයං විරතුංග ලංකාවට ගෙන්වනවා… මීළගට රනිල්ගේ වාරයයි – හිටපු ජනපති

colombotoday

” කිරි ආහාර නිදහස් කරගන්න අපි ඩොලර් ලබාදුන්නා. “

colombotoday

කහ ගොවීන්⁣ට දෙන බීජ සහනාධාරය දෙගුණ කිරීමට සැලසුම්.

colombotoday

විජේකලාගේ කොටි ප්‍රකාශයෙන් පාර්ලිමේන්තුවේ ඇතිවූ කලබලය ගැන කතානායකගෙන් විශේෂ ප්‍රකාශයක්

colombotoday

නිවසක තනිව සිටි තරුණ බිරිඳක් අභිරහස් ලෙස මරුට

Admin