Colombo Today Local News

රට ණය බරින් නිදහස් කරන්න අගමැති අලුත්ම වෙන්දේසි ක්‍රමයක් හදුන්වා දෙයි !

රට තුළ පවතින ණය බරින් නිදහස් වීමට නවතම වෙන්දේසි ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට මේ වන විට සැලසුම් සකස් කරමින් සිටින බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

විශාල ණය මුදලක් ගෙවීමට රජයට මේ වන විට සිදුවී තිබෙන බැවින් මහ බැංකුව හා භාණ්ඩාගාරය සමඟ සාකච්ඡා කර මෙම නවතම වෙන්දේසි ක්‍රමය සහ ණය ගෙවීම සඳහා වෙනම නඩත්තු කාර්යාලයක් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව අගමැතිවරයා සඳහන් කරයි.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ ඊයේ (05දා) කොළඹ 08 ඇල්විටිගල මාවතේ අංක 80ඒ දරන ස්ථානයෙහි අභිනවයෙන් ඉදිකරනු ලැබූ ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ නව ගොඩනැඟිල්ල විවෘත කිරීමේ උත්සව අවස්ථාවේදීය.

එසේම එම ණය ගෙවීමේ නඩත්තු කාර්යාලය භාණ්ඩාගාරය හා සම්බන්ධ කර ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණයක්ද ඇති කරන බව අගමැතිවරයා පවසයි.

ඉදිරියේදී මෙරට ජාතික ණයභාවය 70% දක්වා අඩු කිරීම තමාගේ ඉලක්කය වන බවත් ඒ අනුව ඒ සඳහා මහ බැංකුවෙන් කෙටි හා මධ්‍යකාලීන ණය පාලන උපක්‍රමයක් ඉදිරිපත් කිරීමටද පියවර ගන්නා බවත් අගමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

පක්ෂීන්ගේ ඖෂධ නීතිවිරෝධීව ආනයනය කළ පුද්ගලයෙක් අත්අඩංගුවට

colombotoday

ලබා දුන් අයි.එම්.එෆ් ණය මුදල ගැන සොයන්න නියෝජිත කණ්ඩායමක් එයි

Admin

පාරිභෝගික වැටලීම් නිලධාරීන්ට නිළ ඇදුමක් අන්දන්න යයි.. අයවැයෙන් ලක්ෂ 75ක් ඉල්ලයි

colombotoday

යහපාලන පොලීසිය ඥාණසාර හිමි සොයා රෝයල් පාක් වටලයි

colombotoday

දරුවන් පලිහක් ලෙස පෙළපාළිවලට ගෙන යෑම බරපතළ වරදක්

colombotoday

දෙපිරිසක් අතර ගැටුමකින් තරුණයෙක් මරුට

Admin