Colombo Today Local News

ආර්ථික වර්ධනයෙන් ලංකාවේ දකුණු ආසියාවේ හයවන තැනට..

ලෝක බැංකුවේ නවතම දත්ත වාර්තාවකට අනුව 2017 වසර සඳහා ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය සියයට 4.7 ක් බව ඇස්තමේන්තු කර තිබේ.

දකුණු ආසියානු කලාපය පිළිබඳව ලෝක බැංකුව විසින් නිකුත් කරන ලද නවතවම වාර්තාවක මේ බව සඳහන් වේ.

කෙසේ වෙතත් මෙම ඇස්තමේන්තුගත කිරීමට අනුව ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටින්නේ මාලදිවයිනට (4.5%) සහ ඇෆ්ගනිස්තානයට (2.4%) පමණි.

මෙහිදී කලාපයේ වැඩිම ආර්ථික වර්ධනයක් සිදුවන රට ලෙසින් ඉන්දියාව නම් කර ඇති අතර 2017 වසර සඳහා සියයට 7.2 ක් බව ලෝක බැංකුව පුරෝකථනය කර සිටී. මෙහිදී බංග්ලාදේශය හා භූතානය සියයට 6.8 බැගින් සහ නේපාලය සියයට 6 ක ආර්ථික වර්ධන වේගයක් ද බලාපොරොත්තු වන අතර පකිස්තානයේ එම අගය සියයට 5.2 කි.

ඉදිකිරීම්, වෙළෙඳ හා මූල්‍ය සේවා අංශයේ දැකිය හැකි වර්ධනයත් සමඟ මෙම ඉහළ යාම බලාපොරොත්තු වන බව පවසන ලෝක බැංකුව වැඩිදුරටත් කියා සිටින්නේ පසුගිය කාලයේ ඇති වූ ගංවතුර හා නියඟ තත්ත්වයන්, වර්ධනයට සෘණාත්මක බලපෑමක් සිදුකර ඇති බවයි.

එසේම රජයේ ෆිස්කල් ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමට හා මූල්‍ය ප්‍රතිපත්ති දැඩි කිරීම හරහා ආර්ථිකයට සුභවාදී තත්ත්වයක් ඇති කරනු ලබන බව ලෝක බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

“බැදුම්කර හොරකම ඉතා සුළු එකක්.. රාජපක්ෂලා මීට වඩා හොරකම් කරා“ – ෆොන්සේකා

colombotoday

අනවසර ලෙස ඉන්ධන ගබඩා කර ගනිමින් නැවත අලෙවි කරන පුද්ගලයින් සොයා දිවයින පුරා වැටලීම්

colombotoday

මහනුවර ඇසළ පෙරහැර ‍වෙනුවෙන් අනිද්දා සිට විශේෂ දුම්රිය සේවාවක්

Admin

රාජ්‍ය සහ පෞද්ගලික මට්ටමින් බීජ සහ පැළ නිෂ්පාදනයට හා වැඩි කෘෂි අස්වැන්නකට ජනපතිගෙන් යෝජනා

colombotoday

කොළඹ වරායෙන් පිටත නැංගුරම්ලා ඇති රසායනික ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ නෞකාවක් ඇවිලෙයි | ගින්න පාලනයට මෙහෙයුමක්

colombotoday

අවුරුදු දින දෙකේදී රුධිරය පරිත්‍යාග කරන්නැයි රුධිර පාරවිලයන මධ්‍යස්ථානයෙන් ඉල්ලීමක්

colombotoday