Colombo Today Local News

“කොළඹ කුණු රහසිගත තැනකට.. කාටවත් කියන්න බෑ“ – කොළඹ නගර සභාව

කොළඹ නගරයේ එකතුවන කැලිකසළ පිලියන්දල, කරදියාන කසළ අංගණයට තාවකාලිකව බැහැර කිරීමට කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඊයේ (18දා) අවසර ලබාදී තිබේ.

මේවන විට පසුගිය දින කිහිපය පුරා කොළඹ නගර සීමාව තුළ එක්රැස් කරගත් කැලිකසළ එම ස්ථානයට බැහැර කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් වී.කේ.ඒ අනුර මාධ්‍ය වෙත සඳහන් කර තිබේ.

කැස්බෑව අධිකරණයෙන් ඝණ අපද්‍රව්‍ය කළමණාකරන අධිකාරිය වෙත නියෝග කර ඇත්තේ ලබන 28 වන දින දක්වා දිනකට කසල මෙට්‍රික් ටොන් 350 බැගින් බාරගන්නා ලෙසයි.

මීට අමතරව කොළඹ අවට තෝරාගත් තවත් ස්ථාන කිහිපයකට ද කසළ බැහැර කිරීමේ කටයුතු මේවන විට සිදුකරන බවත්, එම ස්ථාන පිළිබඳ මාධ්‍යයට හෙළිදරව් කළ නොහැකි බවත් නාගරික කොමසාරිස්වරයා වැඩිදුරටත් සදහන් කර ඇත.

Related posts

ආයුර්වේද පනත බලාත්මකයි

Admin

කැලණි විහාරයට හොරු පනී.. මිලකළ නොහැකි පෞරාණික බඩු තොගයක් පැහැරගනී…

colombotoday

තණමල්විල ගංජා හේනක් වටලයි

Admin

තවත් සයිනෝෆාම් එන්නත් මාත්‍රා මිලියනයක් දිවයිනට

colombotoday

බොරු මැණික් පෙන්වා රන් හුවමාරු කළ තුනකට වැඩ වරදී

Admin

රිෂාඩ් බදුර්දීන් අත්අඩංගුවට ගන්න – නීතිපතිගෙන් පොලිස්පතිට නියෝග

colombotoday