Colombo Today Local News

ජනපතිගේ මත්පැන් විරෝධය ගැන කියන්න ගිය ඇමති දෙපොළට, මල්වතු නාහිමි ඇසූ පැණයෙන් කටඋත්තර නැතිවෙයි

මල්වතු මහා නාහිමියන් බැහැදැකීමට ගිය ඇමති මහින්ද අමරවීර සහ ඇමති දුමින්ද සිල්වා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ මත්පැන් විරොධී වැඩපිළිවෙල සාර්ථකව සිදුකරන බවට ප්‍රකාශ කරද්දී, නාහිමියන් පෙරළා ඇසූ පැණයෙන් ඇමති දෙපොළ දැඩි ලෙස අපහසුතාවට ලක්විය.

“ජනාධිපතිතුමා මේ මත්පැන්වලට එහෙම තදින්ම විරුද්ධයි නේ” යයි අමරවීර අමාත්‍යවරයා මා නාහිමියන් වෙත පැවසු අතර උන්වහන්සේ පෙරලා අමාත්‍යවරයාගෙන් විමසා සිටියේ “නමුත් මත්පැන් කර්මාන්තශාලාවක් හදනවා කියලා පත්තරේ තිබුනා’ යන්නයි.

එහිදි අමාත්‍යවරයා නා හිමියන් ඉදිරිපිට තක්කු මුක්කු වී එම ගමනට සහභාගි වූ තම සහෝදර ඇමතුවරුන් දිහාදි බලමින් මල්වතු මහා විහාරයේ සිට අමූලික බොරුවක් කියමින් “එහෙම එකක් නැගෙනහිර පලාතේද කොහ්දෝ හදනවා නේ” යන්න එය වෙනත් රටක සිදුවන දෙයක් මෙන් හෙමිහිට ලිස්සා යන අයුරු මාධ්‍ය මගින් දැක ගත හැකි විය.

[fbvideo link=”https://www.facebook.com/NewsfirstSL/videos/1469298659797054/” width=”550″ height=”400″ onlyvideo=”1″]

Related posts

ලෝකෙ ලොකුම නත්තල් ගස ගාලුමුවදොර ඉදිවෙයි.. අතහිත අර්ජුනගෙන්.. වියදම වරායෙන් !

colombotoday

විදුලි කප්පාදුවෙන් ආර්ථිකයට බර හානි…

colombotoday

අවම ඡන්ද ලක්ෂ 65ක් ලබාගැනීම අපේ ඉලක්කයයි !

colombotoday

ඇප මුදල් තැන්පත් කිරිම හෙටින් අවසන්

colombotoday

19 රකින්න ඕනෑම කණ්ඩායමක් සමග කොන්දේසි විරහිතව එක්වන බව සමගි ජන බලවේගය කියයි

colombotoday

‍”හොර වැඩක් අතේ මාට්ටු.. හෙළිකරොත් නඩු දානවලු.. ඕං අපේ ආණ්ඩුවේ මුදල් ඇමතිගෙ වැඩ” – අනුර දිසානායක

colombotoday