World

ට්‍රම්ප්ගේ විධායක නියෝගයට අධිකරණයෙන් තවත් බාල්දියක්

රාජ්‍යයන් හයක සංක්‍රමණිකයන්ට ඇමරිකාවට ඇතුළුවීම තාවකාලිකව වළක්වමින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිකුත් කළ විධායක නියෝගයට එරෙහිව ඇමරිකාවේ හවායි ප්‍රාන්තයේ දිස්ත්‍රික් විනිසුරුවරයෙකු විසින් තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

මෙම තහනම් නියෝගය නිකුත් කර ඇත්තේ ට්‍රම්ප්ගේ නියෝගය ඇමරිකාව තුළ ක්‍රියාත්මක වීමට පැය කිහිපයක් තිබියදීයි.

මේ සම්බන්ධයෙන් ට්වීටර් පණිවිඩයක් නිකුත් කරමින් ඇමරිකානු ජනාධිපතිවරයා පවසා ඇත්තේ, මෙය පෙර නොවූවිරූ ලෙස අධිකරණය සිදුකළ අනවශ්‍ය අතපෙවීමක් බවයි.

ත්‍රස්තවාදීන් ඇමරිකාවට ඇතුළුවීම වැළැක්වීම හා එරට ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සදහා මෙවැනි පියවරක් ගත් බව ට්‍රම්ප් මෙවර විධායක නියෝගය ගෙන එමින් පවසා තිබිණි.

Related posts

නවතම මාදිලියේ iPhone නිෂ්පාදන පෙළ එළිදකී…

Admin

ඉන්දියාවේ කොරෝනා මරණ සංඛ්‍යාව 10 වෙයි

colombotoday

මේ වසරේදී මාධ්‍යවේදීන් 65ක් මරා දමලා !

colombotoday

ලොව ජ්‍යේෂ්ඨම කාදිනල් ජෝර්ජ් පෙල් ළමා අපචාර චෝදනාවට අභියාචනයේදීත් වැරදිකරු වේ.

colombotoday

හයිටි ජනපතිව සිය නිවසේදීම ඝාතනය කරයි

colombotoday

ඉන්දියාව නවතම බැලස්ටික් මිසයිලය සාර්ථකව අත්හදා බලයි

colombotoday