Colombo Today Local News

යුද අපරාධ චෝදනා නිරුත්තර කරන ‘විරුවන්ගේ විත්ති වාචකය‘ ගෝඨාට !

යුද අපරාධ චෝදනා එල්ල කර ඇති, ශ්‍රී ලංකා හමුදාව මුළුමනින්ම නිදොස්‌ බවට දක්‌වන කරුණු සඳහන් ‘විරුවන්ගේ විත්ති වාචකය’ නමැති පිටු 200 ක වාර්තාව අද (13 ) සවස 3.00 ට කොළඹ තුම්මුල්ලේ පිහිටි සම්බුද්ධ මන්දිරයේදී හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙත පිළි ගැන්වීමට නියමිතය.

මෙම වාර්තාව ලුතිනන් ජනරාල් දයා රත්නායක, රියර් අද්මිරාල් එච්. ආර්. අමරවීර. රියර් අද්මිරාල් මොහාන් විඡේවික්‍රම, මේජර් ජනරාල් සීවලී වනිගසේකර, මේජර් ජෙනරාල් කමල් ගුණරත්න, මේජර් ජනරාල් ජී. ඒ. චන්ද්‍රසිරි යන මහත්වරුන්ට ද පිළිගැන්වේ.

මෙම වාර්තාව ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත ඉදිරිපත් කිරීමට පෙර එකී හමුදා නිලධාරි කණ්‌ඩායම විසින් හෙට (14 ) එය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත ද පිළිගැන්වීමට කටයුතු යොදා ඇත.

අනතුරුව රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා විසින් 16 වැනිදා ජිනීවා මානව හිමිකම් කවුන්සලයට ද යොමුකර කෙටි කරුණු දැක්‌වීමක්‌ සිදුකිරීමට බලාපොරොත්තුව සිටියි.

Related posts

පැණි දම්මිකගේ මල්ලී කොරෝනාවෙන් මරුට

colombotoday

රටම බලා සිටින පෙත්සම විභාගය ඇරඹෙයි…

colombotoday

වොක්ස්වැගන් ෆැක්ටරිය ජර්මනියේ හදල ඉවරයි.. ගෙනත් හයි කරන්න විතරයි තියන්නේ – ඇමති අකිල

colombotoday

“රාජපක්ෂට තඩිබානව.. රාජ්‍ය සම්පත්ටික විකුණන් කනව.. මේ ආණ්ඩුව කරන්නේ මෙච්චරයි“ – ජවිපෙ අනුර

colombotoday

මන්නයකින් ගෙලට පහර දී අයියා ව ඝාතනය කළ 14 හැවිරිදි සහෝදරයා අත්අඩංගුවට

Admin

“අගමැති ක්ලීන්.. බැදුම්කර හොරකමට සම්බන්ධ නෑ“ ශ්‍රීලනිපය නිල වශයෙන් කියයි

colombotoday