Colombo Today Local News

ප්‍රතිව්‍යුහගතකරණයට මුවා වී රාජ්‍ය වැවිලි සමාගමත් විකිණීමට සැරසේ !

හලාවත වැවිලි සමාගම, කුරුණෑගල වැවිලි සමාගම, රාජ්‍ය වැවිලි සංස්ථාව, ඇල්කඩුවාව වැවිලි සමිගම, ජනතා වතු සංවර්ධන මණ්ඩලය වැනි රාජ්‍ය වැවිලි සමාගම් පෞද්ගලීකරණය කිරීමට රනිල් – මෛත‍්‍රී හවුල් ආණ්ඩුව මේ වන විටත් සැලසුම් සකස්කොට ඇති බව අන්තර් සමාගම් සේවක සංගමය පවසයි.

ඒ සඳහා වෘත්තීය සමිතිවල සහයෝගය වංචනිකව ලබාගැනීම සඳහා දැනුවත් කිරීමේ වැඩමුළු මුවාවෙන් සාකච්ඡා සංවිධනය කොට ඇති බවත් අන්තර් සමාගම් සේවක සංගමයටද ඊට සහභාගී වන ලෙස දන්වා ඇති බව එම සංගමය පවසයි.

ප‍්‍රතිව්‍යුහගත කිරීමේ මුවාවෙන් රාජ්‍ය සමාගම් පෞද්ගලීකරණය කිරීමේ මෙම වංචනික සැලැස්මට අන්තර් සමාගම් සේවක සංගමය දැඩි විරෝධය පල කර සිටින අතර පාලකයින්ගේ වංචනික ක‍්‍රියාවන්ට එරෙහිව ගත හැකි උපරිම වෘත්තීය ක‍්‍රියාමාර්ග අන්තර් සමාගම් සේවක සංගමය ගන්නා බවද කියා සිටි.

මේ සදහා වෘත්තීය සමිතිවල සහයෝගය වංචනිකව ලබාගැනීම සඳහා දැනුවත් කිරීමේ වැඩමුළු වලට සහභාගි වන ලෙසට , රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය විසින් වෘත්තිය සමිති නායකයන් වෙත යවන ලද ලිපිය .

Related posts

අධිකරණයට අපහාස කළ විශ්‍රාමික යුද හමුදා මේජර් නීතිඥ අජිත් ප්‍රසන්නට වසර 4ක සිර දඬුවමක්

Admin

ශිෂ්‍ය ක්‍රියාකාරී මංගල මද්දුමගේ අත්අඩංගුවට..

colombotoday

සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 2 ක් ලබන සතියේ දිවයිනට

colombotoday

සජිත් සහ බිරිඳ සුවය ලබයි

colombotoday

කටුපොල් වගාව නතර කිරිමට කැබිනට් අනුමැතිය !

colombotoday

ATM යන්ත්‍රය සොරාගත් සැකකරුවන් පැමිණි වෑන් රථය සොයාගනී

Admin