Colombo Today Local News

හමුදා බුද්ධි අංශ විනාශ කර රට අරාජික තත්වයකට පත්කිරීමේ සුදානමක් – රතන හිමි

හමුදා බුද්ධි අංශ විනාශ කර රට අරාජික තත්වයකට පත්කිරීමේ සුදානමක් ඇති බව ආණ්ඩු පක්ෂ මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පවසති.

විවිධ චෝදනා මත හමුදා බුද්ධි අංශ සාමාජිකයන් අත්අඩංගුවට ගැනීම දැඩි ලෙස විවේචනය කරමින් උන් වහන්සේ මේබව කියා සිටියේ අද (මාර්තු 07) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

මෙම අත්අඩංගුවට ගැනීම් ගැන ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා දැනුවත්වී නොමැති බවද රතන හිමියෝ පැවසුහ.

“ජනාධිපතිතුමයි, අගමැතිතුමයි නොදැනුවත්ව කවුද මේ රට මෙහෙය වන්නේ කියල රටේ ජනතාවට දැන් විශාල ප්‍රශ්නයක්” යනුවෙන් උන්වහන්සේ ප්‍රකාශ කළෝය.

හමුදා බුද්ධි අංශ නිලධාරීන්ගේ යම් වරදක් ඇත්නම් ඔවුන් ත්‍රිවිධ හමුදා පරීක්ෂණ මණ්ඩලයකට යොමුකිරිම සිදුකළ යුතු බව රතන හිමියෝ අවධාරණය කළහ.

මෙම අත්අඩංගුවට ගැනීම් පිටුපස යම් පිරිසක් ඇති බව රතන හිමියන් පැවසුවත් ඔවුන් කවුරුන්දැයි හෙළිකරන ලෙස මාධ්‍යවේදීන් ඉල්ලීමක් කළවිට උන්වහන්සේ කියා සිටියේ එය පසුව සිදුකරන බවය.

හමුදා බුද්ධි අංශ යොදා මාධ්‍යවේදීන්ට පහරදීම ජාතික ආරක්ෂාවට සම්බන්ධ දෙයක්දැයි මාධ්‍යවේදීන් ප්‍රශ්නකළ විට, ඒ පිළිබඳව පරීක්ෂණ සිදුකිරීම ගැන තමන් විරුද්ධ නොවන බව රතන හිමියෝ පැවසුහ.

Related posts

එජාපය අපිව රැවැට්ටුවා.. එජාප නායකයගෙන් ඇහුවහම වෙරි සොරි ගනේෂන් කියනවා.. එයාටත් සොරි තමයි !

colombotoday

බිලියන 11.4ක් රජයට පාඩු කලැයි ගෝඨා සහ හිටපු නාවික හමුදාපතිවරුන් තිදෙනෙකුට නඩු

colombotoday

ජාත්‍යන්තරයට ඕනෑ විදියට නටන්න අපි සූදානම් නැහැ….

colombotoday

රාජාංගනයේ වයස අවුරුදු 12ක දරුවෙකුට කොරෝනා.. ආසාදිතයින් ගණන 2688 දක්වා ඉහළට

colombotoday

වගා හානි කරන දඬුලේනා ජාතික සත්වයාගෙන් ඉවත් කරන්න යයි

colombotoday

මාදුරුඔය ජලාශයේ මෙගාවොට් 100ක පාවෙන බලාගාරයක්…

colombotoday