Colombo Today Local News

“එකම යුධ විරුවා රනිල් වික්‍රමසිංහයි.. ඔහුගේ නම මහාවංශයෙත් ලිවිය යුතුයි“ – වික්‍රමබාහු

මෙරට තුළ සිදුවූයේ සාපරාධී යුද්ධයක් බවත්, කොටි නායක ප්‍රභාකරන් සමග ගිවිසුමක් ගසා එම යුද්ධය නැවැත්වූ අගමැති රනිල් වික්‍රමසිංහ මෙරට සිටින එකම යුධ විරුවා බවත්, ඉතිහාසගත වීරයෙකු ලෙස ඔහුගේ නම මහාවංශයේද ලියවිය යුතු බවත් ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න පවසයි.

ඔහු ඒ බව කියා සිටියේ පසුගිය 24 අඟහරුවාදා පස්වරුවේ කොළඹදී පැවැති සැමරුම් සභාවක් අමතමිනි.

යුද්ධයේදී ශ්‍රී ලංකා හමුදාව ජාත්‍යන්තර යුද නීති උල්ලංඝණය කරමින් දෙමළ ජනතාවට එරෙහිව විෂ රසායනික අවි භාවිතා කළ බවත්, ප්‍රගීත් එක්නැලිගොඩ ඒ පිළිබදව ගවේෂණය කරමින් සිටිබවත්, යුද්ධයට එරෙහිව කටයුතු කළ නිසා ඔහුව මරාදැමුණු බවත් වික්‍රමබාහු පැවසීය.

යුද්ධයේ වීරයන් ලෙස පිරිසක් හදුවාගැනීම ගැන ලැජ්ජා විය යුතු බවත්, යුද්ධයේ වීරයන් සිටීනම් යුද්ධ කළ දෙපාර්ශවයේම වීරයන් සිටිය යුතු බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

ශ්‍රී ලංකා යුද හමුදාව යුද්ධයේදී ද්‍රවිඩ සිවිල් වැසියන්ට එරෙහිව රසායනික අවි භාවිත කළ බව, එක්නැලිගොඩ බිරිය, සන්ධ්‍යා එක්නැලිගොඩ මීට පෙර රාජ්‍ය නොවන සංවිධානයක් සමග ජිනීවා ගොස් මානව හිමිකම් කවුන්සිලය වෙත පැමිණිළ කර තිබුණ අතර, එම චෝදනා මුළුමනින්ම අසත්‍ය බවට සනාථ විය.

රසායනික අවි භාවිතා කිරීම සදහා ශ්‍රී ලංකා හමුදාව සතුව තාක්ෂණය නොතිබුණු බවත්, එම කාන්තාව සහ චෝදනා එල්ල කරන පුද්ගලයන් රසායනික අවි කියන්නේ කුමක්දැයි පවා නොදන්නා බව ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියෙක්ද මාධ්‍ය වෙත ප්‍රකාශකර තිබිණි.

Related posts

ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස්, මහජන ආරක්ෂක ඇමති හමුවෙයි

colombotoday

ගෝඨාභය ගේ පුරවැසිභාවයට අදාළ සියලු ලේඛන මාධ්‍යට….[PHOTOS]

colombotoday

ඇමති ටිරාන් අලස් ට දුමින්ද නාගමුව එක්ක තිබුණු ඩීල් එක එළියට

Admin

විශ්ව විද්‍යාල පතිපාදන කොමිසම යළි කෝප් කමිටුව හමුවට කැදවයි

colombotoday

ජනපති නිකුත් කළ ට්විටර් පණිවිඩය

colombotoday

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ 197 ක් අත්අඩංගුවේ

colombotoday