Colombo Today Local News

කලවන්චිකුඩි රෝහලේ ඉපැරණි බෝධියක් කපා දැමීමට සැරසේ.. සිංහල සේවකයන්ගේ විරෝධය !

මඩකලපුව, කලවංචිකුඩි රෝහල් භූමියේ පිහිටි අවුරුදු 400කට වඩා පැරණි බෝධියක් කපා දැමීමට රෝහල් බලධාරීන් ගත් තීරණයට එම රෝහලේ සිංහල සේවකයන්ගේ විරෝධය එල්ල වී තිබෙනවා.

එම බෝධිය කපා දැමීම සදහා රෝහල් බලධාරීන් පළාත් පාලන ආයතනයෙන් අවසර ලබාගෙන ඇති අතර, සිංහල සේවකයන්ගෙන් එල්ල වූ විරෝධය හේතුවෙන් බෝධිය කපා දැමීම තාවකාලිකව නවතා ඇති බවයි වාර්තා වන්නේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරි දෙසතිය ඇතුළතදී මඩකලපුව ප්‍රදේශයේ සංචාරය කිරීමට නියමිතව තිබෙන අතර, රෝහල් බලධාරීන් ජනාධිපතිවරයා හමුවී බෝධිය කපා ඉවත්කිරීමට අවසර ඉල්ලීමට සූදානමින් සිටින බවද එම රෝහල් ආරංචිමාර්ග පවසනවා.

Related posts

නව අමෙරිකානු ජනපතිට හා උප ජනපතිනියට අගමැති සුබ පතයි.

colombotoday

දිමුත්ට ‌ඩොලර් 7500ක දඬයක්

colombotoday

ජනපති නිල සංචාරයකට දිවයිනෙන් පිටව යයි..

colombotoday

ජැක්සන්ලට වැඩ වරදියි

Admin

තවත් ගල් අඟුරු නෞකාවක් අද දිවයිනට

Admin

ගෙවල් කුලී පනත අවලංගු කරන්න කැබිනට් අනුමැතිය

Admin