Colombo Today Local News

ඇමරිකානු තානාපති අභ්‍යන්තර කටයුතුවලට නැවතත් අත දමයි … සම්බන්ධන් සමග රහස් කතා

ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති අතුල් කේශාප් සහ ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්බන්ධන් අතර තානාපති නිල නිවසේදී රහස්‌ සාකච්ඡාවක්‌ පවත්වා ඇත.

මෙම සාකච්ඡාවට මුල් වී ඇත්තේ රජයේ සංහිඳියා බළකාය ජාත්‍යන්තර විනිසුරුවරුන් සහිත හයිබ්‍රිඩ් අධිකරණයක්‌ ස්‌ථාපිත කළ යුතු යෑයි කළ නිර්දේශය පිළිබඳ කරුණු බව වාර්තා වෙයි.

මෙහිදී සාකච්ඡාවට ලක්‌ වූ කරුණු ද්‍රවිඩ සංධානය හෙළි කර නැතත් එම කරුණු උතුරේ මාධ්‍ය විසින් ප්‍රචාරය කර ඇත.

ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී එම්. සුමන්තිරන්ද මෙම සාකච්ඡාවට මැදිහත් වී තිබේ. ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීම විදේශ තානාපතිවරුන්ට තහනම් නමුත් ඇමරිකානු තානාපතිවරයා එම තහනම නොතකා කටයුතු කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.

Related posts

ලංවිම ඉංජිනේරු සංගමයේ විරෝධතාවකට බැනර් නොගැසුවාට, ප්‍රෙස් එකේ ලයිට් කපලා

colombotoday

ලංගමය දිලුම්ට, දුම්රිය සීබී ට…

colombotoday

යහපාලන කැබිනට් හොරු අල්ලන්න විශේෂ විමර්ෂණ කමිටුවක්

colombotoday

ජනාධිපතිවරණයේදී රනිල් ට පක්ෂ හා සන්ධාන 34ක සහාය

Admin

මහබැංකු අවුලෙන් ආණ්ඩුව දෙදරයි ! ජනපති – අගමැති හබය දුරදිග යන ලකුණු

colombotoday

‍රනිල්ගෙන් හම්බකරගත්තු මිනිස්සු දැන් අනුර ලග

Admin