Business

Yahoo සිය නාමය වෙනස් කිරීමට සැරසෙයි

යාහු(Yahoo) සමාගම Altaba ලෙස තම ආයතන නාමය වෙනස් කිරීමට සැරසෙන බව විදෙස් ආරංචිමාර්ග සඳහන් කරයි.

මෙසේ නම වෙනස් කෙරෙන්නේ වෙරයිසන්(Verizon) නම් ආයතනය සමග සිදුකිරීමට නියමිත ඩොලර් බිලියන 4.8 ක ගනුදෙනුව සාර්ථක වුවහොත් පමණි.

ගනුදෙනුව නිසිආකාරව සිදුවුවහොත් යාහු ආයතනය සතු සියලු විද්‍යුත් ලිපින, වෙබ් අඩවි, ජංගම දුරකථන මෘදුකාංග(mobile apps) සහ වෙළඳ දැන්වීම් මෙවලම්(advertising tools) වෙරයිසන් ආයතනය සතු වනු ඇත.

එමෙන්ම යාහු ආයතනයේ වත්මන් කාර්යමණ්ඩලයෙන් අර්ධයක කොටසක් තම රැකියා වලින් සමුගැනීමටද නියමිතයි.

නමුත් පසුගිය දිනවල අනාවරණය වූ යාහු පද්ධතියට හැකර් ප්‍රහාරයක් එල්ලවීමේ සිද්ධිය නිසා ගනුදෙනුව සිදුකිරීම වෙරයිසන් ආයතනය විසින් කල්දමා තිබේ.

Related posts

මිල සූත්‍රය මළ සූත්‍රයක් වෙයි

colombotoday

Microsoft Office 365 now has 120 million business users

colombotoday

ලංකාවේ ආයෝජනයට ආ ජොජ් සොරොස්ට චීනයෙන් අනතුරු ඇඟවීමක් !

colombotoday

පසුගිය මාස 11 තෙල් සංස්ථාවේ පාඩුව කෝටි 132ක්

colombotoday

රත්තරන් මිල වාර්තා ගත ලෙස ඉහළට

colombotoday

ඩොලරයක විකුණුම් මිල 289 ඉක්මවයි. ගැණුම් මිලත් ඉහළට

colombotoday