Colombo Today Local News

ඒකීය රාජ්‍යයක්‌ තුළ බලය විමධ්‍යගත කරන ව්‍යවස්‌ථාවක්‌ – රාජිත

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග මහත්මියගේ පාලන කාලය තුළ සකස්‌ කළ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට අනුව රට කලාපවලට වෙන් වී ෆෙඩරල් ක්‍රමයටත් එහා ගිය බලය බෙදීමක්‌ ඇති වන බවත් වත්මන් රජය සකස්‌ කරනුයේ ඒකීය රාජ්‍යයක්‌ තුළ බලය විමධ්‍යගත කරන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ බවත් සම කැබිනට්‌ ප්‍රකාශක සහ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමැති දොස්‌තර රාජිත සේනාරත්න මහතා ඊයේ (11 වැනිදා) කැබිනට්‌ තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී පැවසීය.ඒ අනුව වත්මන් රජය සකස්‌ කරන ව්‍යවස්‌ථාවත් චන්ද්‍රිකා රජය යටතේ සකස්‌ කළ ව්‍යවස්‌ථාවත් අතර සමාන බවක්‌ නැතැයිද ඇමැතිවරයා සඳහන් කළේය.

එදා හදපු ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට ජනාධිපතිගේ ධුර කාලය තව වසර දෙකකින් දීර්ඝ කිරීමේ යෝජනාවක්‌ එවකට ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සම්පාදන ඇමැති ලෙස කටයුතු කළ මහාචාර්ය ජී. ඇල්. පීරිස්‌ මහතා යෝජනා කර තිබුණා. එයට එදා මා විරුද්ධ වුණා.

අපි විධායක ජනාධිපති ධුරයට විරුද්ධයි. එනිසා නැවත වරක්‌ ජනාධිපතිවරණයක්‌ පවත්වන්නේ නැහැ. අපි ජනතාවට පොරොන්දු වූ පරිදි විධායක ජනාධිපතිධුරය අහෝසි කරනවා. එනිසා වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා යළි ජනාධිපති අපේක්‍ෂකයා ලෙස නම් කිරීමේ අවශ්‍යතාවකුත් නැහැ යෑයිද මෙහිදී රාජිත සේනාරත්න ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

Related posts

නිල රාජ්‍ය සංචාරයකට චීන විදේශ කටයුතු ඇමැතිත් ජුනි මාසයේදී මෙරටට

colombotoday

රාගම වෛද්‍ය පීඨ සිසුන්ට පහරදීම : ඇමති පුතා ඇතුළු 6දෙනා රිමාන්ඩ්

colombotoday

කිලිනොච්චි කොටි මූලස්ථානය නැවත බාරදී හමුදාව ඉවත්වෙයි

colombotoday

කෙටිදුර දුම්රිය ගමන්වාර 30ක් අත්හිටුවයි

Admin

ලබන මස 01 වනදා සිට ත්‍රීරෝද රථ නියාමනයට සැලසුම්

colombotoday

ගිලන්රථයක ගැටී 9 හැවිරිදි දරුවෙක් ජීවිතක්ෂයට

Admin