සීමානිර්ණ වාර්තාව අද (02දා) විෂයභාර අමාත්‍යවරයාට භාරදී තිබුණත් එය භාරගැනීම අමාත්‍යවරයා විසින් ප්‍රතික්ෂේප කර තිබෙන බව මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
කමිටු සාමාජිකයින් 05 දෙනාගෙන් තිදෙනෙකු පමණක් අදාළ වාර්තාවට අත්සන් කිරීම නිසා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා විසින් මෙම වාර්තාව භාර ගැනීම ප්‍රතික්ෂේප කර තිබෙන බවද එම සංවිධානයේ ජාතික සංවිධායක මංජුල ගජනායක මහතා සඳහන් කළේය.
එහෙත් සාමාජිකයන් 5 දෙනාගෙන් තිදෙනෙකු අත්සන් කර තිබෙන නිසා එය නීත්‍යනුකූල ලියවිල්ලක් බවත්, මැතිවරණය කල්දැමීමේ උපක්‍රමයක් ලෙස මෙය භාරගෙන නොමැති බවද ඔහු පවසා සිටියේය.