Colombo Today Local News

හමුදාවේ 4876 දෙනෙකු සේවයෙන් ඉවත්වෙයි

පොදු සමා කාලය තුළ ත‍්‍රිවිධ හමුදා නිලධාරීන් විසි දෙදෙනෙකු සහ සෙසු නිලයන් 4876 දෙනෙකු මේ වනවිට නීත්‍යානුකූලව හමුදාවෙන් ඉවත්වීම සඳහා පැමිණ තිබෙන බව වාර්තාවේ. ‍

යුද හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් රොෂාන් සෙනෙවිරත්න පැවසුවේ මේ අතරට යුද හමුදාවේ නිලධාරීන් 06ක් සහ සෙසු නිලයන් 4285 ක් ද, නාවික හමුදාවේ නිලධාරීන් දෙදෙනෙකු සහ සෙසු නිලයන් 424 ක් ද, ගුවන් හමුදාවේ නිලධාරීන් 14 දෙනෙකු සහ සෙසු නිලයන් එකසිය හැත්තෑ දෙදෙනෙකු ද ඇතුළත් බවයි.

නීත්‍යානුකූලව සේවයෙන් ඉවත් නොවූ ත‍්‍රිවිධ හමුදා සාමාජිකයින්ට නීත්‍යානුකූලව ඉවත්වීම සඳහා මාසයක පොදු සමා කාලයක් ලබාදීමට ආරක්ෂක අමාත්‍යංශය තීරණය කළේ ඉකුත් දෙසැම්බර් පළමු වනදායි.

Related posts

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයට, බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලයේ යෝජනා

colombotoday

බුදුරජාණන් වහන්සේට අපහාස කිරීම සම්බන්ධයෙන් අබ්දුල් රාසික් ඇතුළු පිරිස පිළිබඳව නීතිපතිගේ උපදෙස් ඉල්ලයි

colombotoday

පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකරණය සහ ආයෝජන දිරි ගැන්වීමට විශේෂ ඒකක පිහිටුවීමට අනුමැතිය

colombotoday

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් හෙට දිවයිනට

colombotoday

වෙනම රටක් ඉල්ලන්න සිවාජලිංගම් ජිනීවා යයි

colombotoday

මතභේදාත්මක ත්‍රස්ත විරෝධී පනත අද පාර්ලිමේන්තුවට

Admin