Colombo Today Local NewsHot News

“උතුරේ හමුදා කදවුරුවලින් පිටත කිසි තැනක බුදු පිළිම එපා“ ආරක්ෂක ලේකම් නියෝග කරයි

2365266උතුරු පළාතේ හමුදා කදවුරුවලින් පිටත කිසිදු ස්ථානයක බුදු පිළිම වහන්සේලා ස්ථාපිත කිරීමට පියවර නොගන්නා ලෙස තමන් එම පළාතේ ත්‍රිවිධ හමුදා ප්‍රධානීන්ට උපදෙස් දුන් බව ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා පවසයි.

ඊයේ (29) ආරක්ෂක අමාත්‍යාංශයේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.

උතුරේ රාජකාරී කටයුතුවල නියැලී සිටින ආරක්ෂක අංශ සාමාජිකයන්ට වැදුම් පිදුම් කිරීම සදහා හමුදා කදවුරු තුළ බුදු පිළිම වහන්සේලා තැන්පත් කර ඇති අතර, යුද්ධයෙන් හානියට පත් ඉපැරණි බෞද්ධ සිද්ධස්ථාන නටඹුන් මතද, එම ස්ථාන හදුනා ගැනීමේ සලකුණක් ලෙස බුදු පිළිම වහන්සේලා තැන්පත් කර තිබෙනවා. එමෙන්ම උතුරු පළාතේ හින්දු කෝවිල් කිහිපයක් තුළද හින්දු ජනතාවගේ වැදුම් පිදුම් සදහා ඔවුන් විසින් බුදුපිළිම වහන්සේලා ස්ථාපිත කර තිබෙනවා.

කෙසේ වෙතත් උතුරු පළාතේ ස්ථාපිත කර ඇති බුදු පිළිම ඉවත් කරන ලෙසට පසුගිය සමයේ ද්‍රවිඩ සන්ධාන දේශපාලකයන් විසින් දිගින් දිගටම බලපෑම් කරනු ලැබූ අතර පසුගියදා ඒ පිළිබදව යෝජනාවක්ද පළාත් සභාවේ සම්මතකරගෙන තිබුණා.

Related posts

ඇෆ්ගනිස්තානය සමග සටන අද

Admin

“අපේ අයවැය දැක IMF ඉතා සතුටට පත්වෙලා.. තවත් ණයක් දෙන්න ලෑස්ති“ – මුදල් ඇමති රවී

colombotoday

විනය කැඩු අය දැන් සමාව ඉල්ලා ලිපි එවනවා – එස්.බී

colombotoday

අවසර නොමැතිව ජනපති රුව භාවිතය තහනම්

Admin

ඉන්ධන නිකුත් කිරීම අද සිට නවතී.. රට පුරා ඉන්ධන හිගයක් !

colombotoday

පාසල් සිසුන්ට නිල ඇඳුම් රෙදි චීනයෙන්

colombotoday