උතුරේ හමුදාවන් රදවා සිටීම තවදුරටත් අවශ්‍ය නොවන බවත්, ආරක්ෂාව සදහා පොලීසිය පමණක් ප්‍රමාණවත් බවත් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් පවසනවා.
කොළඹ පිහිටි ශ‍්‍රී ලංකා පදනම් ආයතනයේ ඊයේ (22) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවක දී මෙම අදහස් පල කෙරුණා.
මිය ගිය කොටි සාමාජිකයන් සැමරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මහඇතිවරයා සදහන් කළේ මියගියවුන් සැමරීමේ කිසිදු වරදක් තමන් නොදකින බවයි. කොටි මහවිරු දියනය සැමරීමට දකුණේ පිරිස් විරුද්ධ වන්නේ වෛරය නිසා බවද ඔහු පැවසීය.