Colombo Today Local News

බැදුම්කර බෑණා මහබැංකුව සමග තවමත් ගණුදෙණු.. කෝප් සභාපතිගේ අපේක්ෂා භංග වෙයි !

sunil handunnetthiබැඳුම්කර වංචාව සම්බන්ධයෙන් වූ කෝප් කමිටු වාර්තාවෙන් සෘජුව චෝදනා එල්ල කර තිබියදී අර්ජුන් ඇලෝෂියස්ට අයත් ‘පර්පචුවල් ට්‍රෙෂරීස්’ සමාගම තව දුරටත් මහ බැංකුවේ ප්‍රාථමික ගැනුම්කරුවන්ගේ ලැයිස්තුවෙන් ඉවත් කර නොමැති බව කෝප් කමිටු සභාපති සුනිල් හදුන්නෙත්ති මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් වන පරීක්‍ෂණ නිම වනතෙක් චූදිත පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ නම මහ බැංකුවේ ප්‍රාථමික ගැනුම්කරුවන්ගේ ලැයිස්තුවෙන් වහා ඉවත් කළ යුතු බව ඔහු පෙන්වා දෙයි.

මේ වන විටත් එම සමාගම එම ලැයිස්තුව භාවිත කරමින් කොටස් මිලට ගැනීම, බැංකු මිලට ගැනීම, මාධ්‍ය ආයතන ආරම්භ කිරීමට පවා කටයුතු කර ඇති බවත් මේ තත්වය නිසා තමන් කෝප් කමිටු සභාපති ලෙස අපේක්‍ෂා භංගත්වයට පත්ව සිටින බවත් මන්ත‍්‍රීවරයා වැඩිදුරටත් පවසයි.

Related posts

ශ්‍රී ලංකාවෙ පළමු ඔමික්‍රෝන් ආසදිතයා හමුවෙයි

colombotoday

බලධාරීන් වහා ඉවත් වී විරෝධතා දැක්වීමේ අයිතිය ආරක්ෂා කළ යුතුයි – අරගලකරුවන් ඉවත් කිරීම ගැන ජාත්‍යන්තරයෙන් විරෝධයක්

colombotoday

මං ඇවන්ගාඩ් එකෙන් ආධාරයක් නම් ඉල්ලුවා… අල්ලස් ඉල්ලුවේ නෑ – ෆොන්සේකා

colombotoday

ඒකාබද්ධ විපක්ෂයේ ඉල්ලීම් ලැබෙයි.. විමල්, වාසු, දිනේෂ්, ගම්මන්පිල පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින් ලෙස පිළිගනී

colombotoday

සූදුපොලෙන් හොර නෝට්ටු ගැසූ අයෙක් අල්ලයි

Admin

(Video)ජාතියේ ඉරණම තීන්දු කරන ව්‍යවස්ථා මර උගුල අටවන්නේ මෙහෙමයි

colombotoday