Colombo Today Local News

“අයවැයෙන් පස්සේ ගමට යන්න බෑ.. මිනිස්සු අහන ඒවට කටඋත්තර නෑ“ – නි.ඇමති මුතුහෙට්ටිගම

nishantha-mutuhettigamaඅයවැයට පෙර ගමට ගිය නමුත් අයවැයෙන් පසුව ගමට යන්න බැරි තත්ත්වයක්‌ උද්ගතව ඇතැයි වරාය හා නාවික නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්‌ටිගම මහතා ඊයේ (15 දා) ගාල්ලේදී පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ නිශාන්ත මුතුහෙට්‌ටිගම මහතා මෙසේ ද පැවසීය.

මේ රටේ අයවැය රටේ ජනතාව සහන බලාපොරොත්තු වෙච්චි අයවැයක්‌. පක්‍ෂ පාට භේදයෙන් තොරව සහන බලාපොරොත්තු වෙච්චි අයවැයක්‌. මුදල් ඇමැතිතුමා පැය හතරක්‌ දේශනා කරලා ලබා දීපු අයවැය අවසන් වුණාම අපි ගමට ආවම කියන්නේ ‘කෝ සර් මුකුත් නෑ’ කියලා. මොනවද ලැබෙන්නේ කියලා අපෙන් අහනවා.

මම කිව්වේ මුදල් ඇමැතිතුමා ගෙන්වන්නම් ගමට. එතකොට ඔය ටික එතුමට කියන්න කියලා. අයවැය හදන්න කලින් ගමට ගියා. නමුත් අයවැයෙන් පස්‌සේ ගමට යන්න බැරි තත්ත්වයක්‌ තමයි අපට උදාවෙලා තියෙන්නේ.

අයවැයෙන් වැඩි කරපුවා බරපතළයි. අඩු කරපුවා එක බඩු මල්ලට රුපියල් 155 යි. වැඩි කරපුවා සාමාන්‍ය රියෑදුරකුගෙන් රුපියල් 2500 යි. පනහට දාහට තිබුණ දඩ මුකුත් නෑ. 2500 ක ඉහළ ප්‍රතිශතයකට ගෙනත් තියෙනවා. මෙයින් දඩ ගෙවාගන්න බැරිව සිරගත වන ප්‍රමාණය වැඩි වේවි. වෙන කිසිම දෙයක්‌ වෙන්නේ නෑ.

බඩු මිල අඩු කරයි කියලා අපිට කෑ කෝ ගහන්න බෑ. ඒ ඔක්‌කොම ඉවරයි ජල බිල්පත් ගාස්‌තුවලට. මා ආණ්‌ඩුවේ නියෝජ්‍ය ඇමැති කෙනෙක්‌ හැටියට මේ අයවැයට ඡන්දය දෙන්න බලාපොරොත්තු වෙන කෙනකු හැටියට මේ ගැන මුදල් ඇමැතිතුමාගේ අවධානයට ලක්‌ කරනවා.

අපි ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය විදියට යෝජනා දුන්නා. අපි දන්නේ නෑ.

ඒ යෝජනා කොහේද ඇතුළත් කළේ කියලා. මුදල් ඇමැතිතුමාගේ යෝජනා ඔක්‌කොම ඇතුළත් කළයින් පස්‌සේ අපි බරපතළ අපහසුතාවකට ගමේදී පත්වෙලා.

Related posts

ජනාධිපති ‘නිදහස් ජනතා සන්ධානයට’ බයයි – ඩිලාන් පෙරේරා කියයි

Admin

ජනපති ධුරය සඳහා නාමයෝජනා භාර දීම අද

colombotoday

රාජිතව අත්අඩංගුවට ගන්න වරෙන්තුවක්

colombotoday

දඹුල්ල පංසලේ වැවෙන් නාදුන මල සිරුරක් හමුවේ.

colombotoday

ඉන්දියාවෙන් ගෙන ආ ලක්ෂ 70ක බීඩි කොළ තොගයක් වෙරළේ දමාගිහින්

colombotoday

20 සම්මත වුනොත් රට තුළ බලවත් විරෝධතා ඇතිවෙනවා – පාඨලී චම්පික

colombotoday