Colombo Today Local News

පලාලියේ තවත් අක්කර 454ක් මුදාහරී.. ජනපති අතින් අද සිවිල් වැසියන්ට දෙයි

පලාලි තෙලිප්පලෙයි ප්‍රදේශයේ ඉඩම් අක්කර 454 ක් ඒවායේ මුල් අයිතිකරුවන් වෙත යළි ලබාදීම අද (31) සිදු කෙරේ.

පලාලි හමුදා ජනපද ප්‍රදේශයට අයත්ව පැවති මෙම භූමි භාගය මුල් අයිතිකරුවන් වෙත ලබාදීම අද සිදුවන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පස්වරුවේ පැවැත්වෙන උත්සවයකදීය.

මේ අතර කීරමලෙයි ප්‍රදේශයේ ඉදි කළ නිවාස සියයක් යුද්ධය හේතුවෙන් අවතැන්ව සිටි පවුල් වෙත ප්‍රදානය කිරීම ද ජනාධිපතිවරයා අතින් අද සිදු කෙරේ.

යුද හමුදාවේ පූර්ණ දායකත්වයෙන් මෙම නිවාස ව්‍යාපෘතිය ඉදිකර ඇති බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න මහතා සඳහන් කළේය.

Related posts

අය වැය පරදා මහ ඡන්දයකට යනවා – මහින්ද

colombotoday

වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබළු 30 කට කොරෝනා. රෝගීන් සංඛ්‍යාව 368 දක්වා ඉහලට

colombotoday

කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 16ක ජල කප්පාදුවක්

Admin

මහාචාර්ය ගුණපාල නානායක්කාර ජාතික අධ්‍යාපන අධ්‍යක්ෂ ජනරාල් ධූරයෙක් ඉවතට

colombotoday

දින 100 ගැන සඳුදා කියනවා – ඇමැති හරීන්

colombotoday

අභිරහස් මිල සුත්‍රයෙන්, පෙබරවාරි දක්වා තෙල් මිල ඉහළට !

colombotoday