ශ්රී ලංකාව සදහා වන ඇමරිකානු මහ කොමසාරිස් අතුල් කේසාප් සහ දෙමළ ජාතික සන්ධානයේ නායක, ආර් සම්බන්ධන් අතර හමුවක් පසුගිය 19 වනදා විපක්ෂ නායක කාර්යාලයේදී සිදුවිය.
එහිදි සාකච්ඡා කළ කරුණු සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් අනාවරණය නොවන අතර ආර්. සම්බන්ධන් මහතා හමුවීම සහ ඔහුගේ අදහස්වලට සවන් දීම සෑම විටම තමන්ට සතුටක් ගෙන දෙන බව ඇමරිකානු තානාපතිවරයා සිය ට්වීටර් පිටුවේ සදහන් කර ඇත.