Colombo Today Local News

බුදු දහම විනාශ කරන්න ඇමරිකානු CIA කුමන්ත්‍රණයක් – මල්වතු අනුනාහිමියෝ හෙළිකරති

malvathu-anu-na-himiලංකාවේ ථෙරවාදී බුදුදහම විනාශ කිරීම සදහා , ඇමරිකානු C.I.A රහස් ඔත්තු සංවිධානය සැලසුම් ආරම්භ කර ඇති බව , මල්වතු පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමි පවසයි . ශ්‍රි දළදා මාළිගාවේ පැවති උත්සවයකට එක් වෙමින් උන්වහන්සේ මේ බව සිටියේය.

ඇමරිකානු C.I.A රහස් ඔත්තු සංවිධානය මගින් මීට පෙරදී කොරියාවේ තිබුණු මහායාන දහම හීන කිරීම වෙනුවෙන්, යම් යම් සැලසුම් ක්‍රියාත්මක කල බවත්, අද ථේරවාදි බුදු දහම හීන කිරීම වෙනුවෙන් ඔවුන් කටයුතු කරන බවද උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියේය. උභය මහා විහාරය, දළදා මාළිගාව, ථේරවාදි බුදුදහම නැති කිරීමට ඒ අය කටයුතු කරන බවට, තමාට තොරතුරු දැන ගැනීමට හැකියාව ලැබුණ බවද උන්වහන්සේ පැවසීය.

රජයේ මැති ඇමතිලා මාසයකට වරක් අස්ගිරි ,මල්වතු හිමියන් බැහැ දැකීමට පැමිණ බිම දණ ගහලා වැද ,පළතුරු වට්ටි පූජා කිරීමෙන් ඵලක් නැති බවත් මේ පිළිබද අවබෝධයෙන් කටයුතු කිරීම අතිශය වැදගත් බවයි උන්වහන්සේ පෙන්වා දුන්නේ.

Related posts

සිමෙන්ති මිල පහළට

Admin

“භික්ෂූන්ට ජම්පර් අන්දවා අරිහත් ධජයට අගෞරව නොකරන්න..” ඥාණසාර හිමි වෙනුවෙන් ජනපතිට ලිපියක්

colombotoday

ධනුෂ්ක ගුණතිලකට ඩවුනින් මධ්‍යම අධිකරණයේදී ඇප ලැබෙයි

Admin

මිල කළ නොහැකි ගජමුතු ප්‍රවාහනය කරමින් සිටි දෙදෙනෙක් කොටු

colombotoday

“අදින් ඇරඹෙන්නේ ඒකීය ලංකාවේ අවසාන වසර විය හැකියි“ ආචාර්ය දයාන් ජයතිලක

colombotoday

අසාද් සාලිගේ ජාතිවාදී කියුම් කෙරුම් ගැන පොලීස් පරීක්ෂණයක් !

colombotoday