Colombo Today Local News

නාමල් කෝටි 20ක් ඉල්ලා FCIDයට එරෙහිව නඩු දමයි

namal-r

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයෙන් රුපියල් මිලියන 200 ක් වන්දි ඉල්ලමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කොළඹ දිසා අධිකරණයේදී නඩු පැවැරීය. ක්‍රිෂ් සමාගම හා සම්බන්ධ නඩුවකදී නිසි පරීක්ෂණ නොකට තමන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කිරිමෙන් බලවත් මානසික හා ශාරීරික පීඩාවට ලක්වූ බවත් සිය කීර්ති නාමයට හානි වූ බව පවසමින් මන්ත්‍රීවරයා මෙම නඩුව ගොනු කොට තිබේ.

මූල්‍ය අපරාධ ඒකකයේ ස්ථානාධිපති ආර්.ඒ.කේ. ප්‍රේමරත්න මහතාට හා උප පොලිස් පරීක්ෂක ශාන්ත ලාල් මහතාගෙන් එක් අයෙකුගෙන් රුපියල් මිලියන 100 බැගින් වන්දි ඉල්ලමින ඔහු මෙම නඩු ගොනු කළේය.

දේශපාලන බලපෑමක් මත  තමාව බන්ධනාගාර ගත කර බවද මන්ත්‍රීවරයා පවසයි.

Related posts

මුස්ලිම් කාන්තාවට ෂරියා නීතිය යටතේ දඬුවම් කිරීමෙන් ප්‍රසිද්ධ වූ අටුළුගම ගම්මානය කොරෝනා නිසා අගුළු දමයි

colombotoday

පළමු බැඳුම්කර නඩුවෙන් අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන් චෝදනාවලින් නිදහස්

colombotoday

නාමල්ගේ අපල දුරු කරන්න සළු පාලියක් නටයි

Admin

ඉතිහාසයේ මුල් වරටයි.. ඩොලරය 147ට නගී.. රුපියල අනාථයි !

colombotoday

එඩ්වඩ් කුමරු සමග නිදහසේ 70 අභිමානයෙන් සමරන්න සියල්ල සූදානම්…

colombotoday

Breaking : ඊයේ පැනවූ ඇඳිරිනීතිය ඉවත් කරයි.

colombotoday